දේශීය

හරක්කටා ඩුබායි පැන්න විදිහ

හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් මලයාසියාවට ගමන් කිරීමට ඩුබායි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී හරක්කටා නමැති මත්කුඩු ජාවාරම්කරු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නිල නොවන මට්ටමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් තහවුරු කරගෙන තිබේ.

ඒ ඔහුව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධව සිටි ජාත්‍යන්තර ඒජන්සි සහ පුද්ගලයන්ගෙනි. එහෙත් මෙතෙක් නිල වශයෙන් ඒ බව ජාත්‍යන්තර පොලීසිය හෝ ඩුබායි රජය මෙරටට දැනුම් දීමක් කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවන් තත්ත්වයක් හමුවේ හරක්කටාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල තොරතුරු දෙන ලෙස මෙරට ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක්ද දැනටමත් කර ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

“මාකඳුරේ මදුෂ්ව අත්අඩංගුවට ගත්තු වෙලාවේත් අපිට ඒ අය දැනුම් දුන්නේ මාසයක් විතර ගියාට පස්සෙයි. හැබැයි අපි දිගින් දිගටම ඒ අයගෙන් විස්තර ඉල්ලුවා. පස්සේ ඒ කාලේ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා පවා ඩුබායි ගිහින් එක්සත් එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වුණා. ඒ හමුවීමේදී එරට රජුට දීමට අපේ රටේ එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඉල්ලීමකුත් භාරදීල තිබුණා. ඊට පස්සේ තමයි අපිට මධුෂ්ව ලැබුණේ.“ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. හරක් කටා අත්අඩංගුවට ගැනීම නිල වශයෙන් මෙරටට දැනුම් දුන් පසු විශේෂ කණ්ඩායමක් ඩුබායි බලා යාමට නියමිතව ඇතැයිද පොලිස් තොරතුරු සඳහන් කළේය. ඊට බොහෝ විට පොලීසියේ නිලධාරීන්ට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේත් විදේශ කටයුතු අමාත්‍යාංශයේත් නිලධාරීන් එක්වනු ඇතැයි එම නිලධාරියා කීය.

ඩුබායිහීදී අත්අඩංගුවට ගත් මාකදුරේ මධුෂ් මෙරටට රැගෙන ඒමෙන් පසු මරුමුවට පත්වන තුරුම වසරක පමණ කාලයක් රඳවා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළය. පසුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට පත් වී දින කිහිපයකට පසු මත්කුඩු වැටලීමකට රැගෙන යන අතර තුර වෙඩි වැදීමකට ලක්ව මිය ගියේය. පොලිස් අත්අඩංගුවේ සිටි මධුෂ්ට පොලිසිය ළඟටම ඇවිත් පුද්ගලයන් දෙදෙනෙක් පොලීසිය බලා සිටියදී වෙඩි තබා පළාගිය බව පොලීසියේ නිල ප්‍රකාශවල සඳහන් විය. මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් යොමුවී තිබේ. මෙවන් තත්ත්වයක් හමුවේ හරක් කටාව මෙරටට භාරනොදී ඩුබායි හීම තබා ගැනීමට ඔහුගේ ගෝලයින් මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටින බව එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. එම කටයුත්තට පෙරමුණ ගෙන සිටින්නේ යැයි කියැවෙන්නේ පානදුරේ කුඩු සළිඳුය. ඩුබායි හී සිටින දක්ෂතම නීතීඥවරුන්ගෙන් සමන්විත නීතීඥ සමාගමක සහාය දැනටමත් මේ සඳහා ලබාගෙන ඇති බව කියති. රුපියල් කෝටි 05කට වැඩි මුදලක් ඒ සඳහා වැයකර ඇති බවද සඳහන්ය. එසේ හරක් කටාව ඩුබායිහී රඳවා ගැනීමට ඔවුන් උත්සහ ගත්තද හරක් කටා වෙනත් පුද්ගලයකුගේ නමින් පෙනී සිටිමින් විදෙස් ගමන් බලපත්‍රයකින් පෙනී සිටීම බරපතළ වරදක් වන බැවින් ඒ ඔස්සේ ඔහුව සිරකිරීමට හැකියාවක් ඇති බවත් මාකදුරේ මධුෂ්වද සිරකරුනු ලැබුවේ එසේම බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

හරක් කටාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බිරිය බව සඳහන් වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් ඔහු සමඟ සිට ඇත. ඔවුන් දෙදෙනා කරවුරුන්දැයි පැහැදිලිව හඳුනා ගෙන නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. ජිලේ නමැති පාතාල අපරාධකරු එතැන සිටි බව සඳහන්ය. පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ හරක් කටාගේ අත්අඩංගුවට ගැනීම නිල නොවන මට්ටමින් තහවුරු වී ඇතත් සෙසු දෙදෙනා කවුරුන්දැයි නොදන්නා බවය.

ගයාන් කුමාර වීරසිංහ

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

23 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago