Wednesday, July 22, 2026
Homeදේශීයචීන නැවට පැමිණිමට අවසර

චීන නැවට පැමිණිමට අවසර

ඉන්දියාවත් චීනයත් අතර මතභේදයකට තුඩු දී ඇති යුවාන් වැන්ග් 5 චීන නෞකාවට මෙරටට පැමිණිම සඳහා අවසර ලබා දී තිබෙනවා. නෞකාව හම්බන්තොට වරයාට පිවිසීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් හාබර් මාස්ටර් වෙත දැනුම් දී ඇති බව හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ලබන 16 වනදා සිට 24 දක්වා කාලය තුළ චීන නෞකාව මෙරටට පැමිණීම සඳහා මෙරට විදේශ අමාත්‍යාංශය විසින් අවසර හිමිව ඇති බවත් රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලැබීම හේතුවෙන් වරායේ සැපයුම් සහතික කිරීම සඳහා නෞකාව විසින් දේශියව පත්කර ඇති මෙරට නියෝජිතයා සමඟ කටයුතු කිරීමට ඉදිරි පියවර ගන්නා බව හාබර් මාස්ටර් දන්වා ඇති බව වාර්තාවේ සඳහන්.

READ:   ඩලස් අලහප්පෙරුම ජනපති ධූරය සඳහා ඉල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්