දේශීය

අපරාජිත වූ ශ්‍රේෂ්ඨත්වය

ලොව බිහි වූ අති ශ්‍රේෂ්ඨතම ජවාධිකයාගේ ගමනක නිමාව ඊයේ සටහන් විය. යුසෙයින් සෙන්ට් ලියෝ බෝල්ට් සිය ක්‍රීඩා දිවියේ අවසන් මීටර් සියය තරගය නිමකලේ තුන්වැන්නා බවට පත් වෙමිනි. එය ඔලිම්පික් හෝ ලෝක ශූරතා තරගයක ( 2011 අවසන් තරගයේ වැරදි තරග ආරම්භයක් නිසා අහිමි වීම හැරුණුකොට ) බෝල්ට් රන් පදක්කමෙන් ඔබ්බට තල්ලු කල පලමු අවස්ථාව විය.

යුසෙයින් බෝල්ට් පරාජය අප්‍රිය කරන්නෙකි. සෑම සටනකම ඔහුට ජය අවැසිය. 2004 වසරේ ඔලිම්පික් අතරතුර ඔහු ආබාධයකට ලක්විය. මුළු ජැමෙයිකාවම හිතුවේ බෝල්ට් ගේ ගමන අවසන් බවය. නමුත් එක් පුද්ගලයෙකු පමණක් බෝල්ට් දිනෙක ලොවම දිනන බව විශ්වාස කලේය. ඒ පුද්ගලයා වූයේ ඔහුගේ පුහුණුකරු හෝ මව හෝ පියා නොවේ. බොල්ට්ම පමණක් විය.

තත්පර 10ක් ඇතුලත විසදෙන තරගයක ජය පරාජය ගැන අනාවැකි කීම උගහටය. නමුත් බෝලට් තරග වදින විටෙකදී ලොව විචාරකයෝ නොබියව අනාවැකි කිහ. ප්‍රතිවාදියාගේ තරම කම් නැත. බෝල්ට් දිනන බව කැට තබා කිවිය හැකි බව විචාරකයෝ විශ්වාස කලහ.

නමුත් බෝල්ට් ඊයේ පරාජය විය. ඔහුට ආදරය කල ඇමරිකානුවන් පවා ඒ පරාජය අපේක්ෂා නොකලේය. ක්‍රීඩාවට ජාතියක්, ආගමක් හෝ සංස්කෘතික බේදයක් නැත. Entertainer කවුරු වූවද ක්‍රීඩා ලෝලියාගේ වීරයා ඔහුම විය. ඒ අර්ථයෙන් බෝල්ට් නියෝජනය කලේ ජැමෙයිකාව නොවේ. සමස්ථ ලෝකයය. මේ වීරයාගේ තත්පර 10 බැලීමට, මොහොතකට ජැමෙයිකානුවෙන් නොවූ අයෙක් වේදැයි සැක සහිතය.

බෝල්ට් ඊයේ පැරදුනේ ඇමරිකානුවෙකු වූ ජස්ටින් ගැට්ලින්ටය. බෝල්ට් වැන්නෙකු පරාජය කිරීමේ උන්මාදය ඊයේ ගැට්ලින් වින්දේ නැත. සිය සැමරුම ක්ෂණිකව නිමාකල ඔහු සිය තරග ඉසව්වේ බිහි වූ අසහාය වීරයාට දණ නමා ආචාර කලේය. ක්‍රීඩාවට ප්‍රිය කරන, බෝල්ට් වෙනුවෙන් ඔහුට දණ බිම ඔබා ආචාර නොකරන අයෙකු සිටිය නොහැක යන්නට තව අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැත.

ශ්‍රේෂ්ඨයන් පරාජය විය හැකිය. නමුත් ශ්‍රෙෂ්ඨත්වය පරදින්නේ නැත.

උපුටා ගැනීම

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

10 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

10 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago