Saturday, April 18, 2026
Homeදේශීයඋපාධි පාඨමාලාවක් හැදැරිම සඳහා වන ණය යෝජනා ක්‍රමය පුළුල් කෙරේ

උපාධි පාඨමාලාවක් හැදැරිම සඳහා වන ණය යෝජනා ක්‍රමය පුළුල් කෙරේ

අකර්මණ්‍ය වී පැවති උසස් පෙළ සමත් සිසුන් සඳහා ලාබාදෙන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා වන පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය නැවතත් ආරම්භ කිරීම සඳහා දැනුවත් කිරීම බලගැන්වීම සහ තවදුරටත් අවධානය… Thalifetraveler අප ආයතනය විසින් ඔබ ලබාදුන් තොරතුරු මත ලබාගත් ජයග්‍රහණයක් බව ඉතා නිහතමානී සාඩම්බරයෙන් ඔබට මතක් කර සිටිමී

The Lifetravaler

■ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ සඳහා අයදුම්පත් කැඳවිමේ දිනය දිර්ඝ කෙරේ.


■ 2022 දෙසැම්බර් අ:පොස ( උසස් පෙළ ) විභාගය සඳහා පෙනි සිටින


සිසුනගේ 80 % පැමිණිම නොසළකා හැරේ.


■ පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් පුළුල් කෙරේ.


■ උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක
උපාධි පාඨමාලාවක් හැදැරිම සඳහා වන ණය යෝජනා ක්‍රමය පුළුල් කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය වශයෙන් 2022.08.12 ප්‍රකාශයට පත්කර තිබු අතර එම දිනය 2022.08.19 දින තෙක් දිර්ඝ කරනු ලැබේ.

අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටිමට නියමිත පාසල් සිසුන් සඳහා අයදුම්පත් භාරගන්නා දිනය වන විට පාසල් පැවති දින ගණනින් 80% ක පැමිණිම සටහන් වියයුතු බව චක්‍රෙල්ඛණයක් මඟින් දැනුවත් කර ඇත. නමුදු පසුගිය කාල සිමාවතුළ රටේ පැවති කොරෝනා ව්‍යසනය, ප්‍රවාහන අපහසුතා, ඉන්ධන අර්බුදය හේතුවෙන් 2020 ජුලි මස උසස් පෙළ පංතිවලට ඇතුළත් සිසුන් වන, 2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස්පෙළ විභාගය සඳහා පෙනි සිටිමට නියමිත සිසුන්ට 80% පැමිණීම සළකා නොබැලිමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දි ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය මඟින් ක්‍රියාත්මක වන පාසල් සිසුන් සඳහා දිවා ආහාර ලබා දිමේ වැඩසටහන මේ වන විට පවත්වාගෙන යන අතර එය තවත් පුළුල් කරමින් මෙතෙක් එක් ආහාර වෙලක් සඳහා සිසුවෙකුට වෙන් කළ රුපියල් 30ක මුදල ප්‍රමාණවත් නොවන බැවින් 2022.08.01 දින සිට එය රුපියල් 60 දක්වා වැඩිකර ඇත. මේ වන විට පාසල් 7920ක සිසුන් මිලියන 1.1ක් ප්‍රතිලාභ ලබමින් සිටි.

READ:   මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් නෙදර්ලන්තයෙන් යළි මෙරටට..

උසස්පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදැරිම සඳහා 2017 වර්ෂයේ සිට පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක විය. එහි මුල් අදියර ලෙස ශිෂ්‍ය ශිෂාවන් 5000 ක් සඳහා පොළි රහිත ණය පහසුකම් ලබා දුන් අතර 2020 සිට එය 10000 දක්වා වැඩිකරන ලදි. මෙම ශිෂ්‍යන්ගේ උසස් අධ්‍යාපන කටයුතු මෙම වර්ෂයේදි සිදු කිරිම සඳහා තවදුරටත් මෙම ණය වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ගරු අධ්‍යාපන අමාත්‍යතුමා විසින් කැබිනට් සංදේශයක්ද 2022.08.01 දින ඉදිරිපත්කර ඇත.

අධ්‍යාපන ලේකම් එම්.එන් රණසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම අදහස් පළ කරන ලදි.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්