Electrical equipment.energy meter is a device that measures the amount of electric energy consumed by a residence, a business, or an electrically powered device
සංශෝධිත අය-වැයෙන් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල්පතට සහනයක් දීමේ වැඩපිළිවෙළක් සාකච්ඡා වෙමින් පවතින බව සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද කරුණකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය. ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බවද හෙතෙම කීවේය.
‘‘විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් දිනක විවාදයක් අපි දී තිබෙනවා. ඒ වගේම දැනට රිවයිස් බජට් එක අපි න්‍යාය පත්‍රයට ඇතුළත් කරගෙන යනවා. එතකොට 30, 31, 01,02 යන දිනවල බොහෝ දුරට රිවයිස් බජට් එකේදී සහන ලැබිය යුතු කණ්ඩායම්වලට සහන දීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කෙරෙමින් පවතිනවා. මම හිතන්නේ එතකොට පුළුවන් විශේෂයෙන් අඩු ආදායම්ලාභීන්ට මේ විදුලි බිල සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන යම් පියවරක් ගන්නට. ඒ වගේම ඒ ගැන කටයුතු කරමින් පවතිනවා.‘‘ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිරියේදි ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දෙන ගමන් වියදම් දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බවද සභානායකවරයා පැවසීය.
බිම් මට්ටමේ සිට කටයුතු කරන ග්‍රාම නිලධාරි පුරප්පාඩු හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවත් ග්‍රාම නිලධාරි සඳහා වෙනම සේවා ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය. රාජකාරි කටයුතු කිරීම සඳහා කාර්යාල පහසුකම් නැතිවීම ආදි කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අවධානය යොමු කරන බවද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…