Friday, September 11, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව ඇතුළේ වෙන දේවල් ප්‍රශ්න කරන්න බෑ

පාර්ලිමේන්තුව ඇතුළේ වෙන දේවල් ප්‍රශ්න කරන්න බෑ

පාර්ලිමේන්තුව ඇතුළත දී සිදුවෙන කිසිදු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීතින් හෝ ආයතනයකට විමසා කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

පාර්ලිමේන්තුව තුළ සිදුවෙන යමක් සම්බන්ධයෙන් අධිකරණයට හෝ ප්‍රශ්නකිරීමක් සිදු කළ නොහැකි බවත් පාර්ලිමේන්තුව පිළිබඳ සිදු වන කටයුතු සම්බන්ධයෙන් කටයතු කිරීමට හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන බවත් එතුමා අවධාරණය කර සිටිනවා.

2018 වසරේ දී පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක් දක්වන විට දී එවකට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දේපළ වලට හානි කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

පොදු දේපළ වලට හානි කිරිම සම්බන්ධයෙන් අරගලකරුවන් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එම පරීක්ෂණ සඳහා දේශපාලන මැදිහත් වීමක් නොමැති බවයි.

READ:   කැබිනට් මණ්ඩලේ ඉන්න 30ට කතා කරන්න නිදහස තැන්තම් මිලියන 22කගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන කතාද? - රාසමාණික්කම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්