අලි හක්ක හෙවත් අලි දත්… බොහෝ දෙනෙක් මේක අලි හක්ක කියලා හදුන්වනවා නමුත් මේක අලි දතක්. අලියෙක් ගේ ජීවිත කාලය තුල පස් වරක් දත් ගෙවී ගිහින් අලුතින් දත් ඒම සිද්ද වෙනවා.

මේ දෙවන ඡායාරූපයේ හොදින් බැලුවොත් ඔබට පෙනේවි රතු පාටින් සලකුණු කරල තියන ස්ථානයේ පවතින දතට පිටුපසින් අලුතින් දත් මෝදු වෙන ආකාරය. මේ විදියට එන අවසාන එනම් සය වන දන්ත යුගල් දෙක සතාගේ ජීවීතාන්තය දක්වා පවතිනවා. බොහෝ විට මහළු වියේ අලි ඇතුන් මිය යන්නේ අවසාන දත් ගෙවී යාම නිසා ආහාර නිසි ආකාරව හැපීමට නොහැකි වීමෙන් එම ආහාර වල පෝෂණය අවශෝෂණය නොවීමෙන්. මේ නිසා අලි ඇතුන් තමන්ගේ දත් වල ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොදවනවා.

වැවු පිටි වල තෘණ වර්ග ආහාරයට ගන්න අලි ඒවා හොඬින් උගුලවාගෙන තමන්ගේ ඉදිරි පාද වල ගසමින් වැලි හා අනෙකුත් අපද්‍රව්‍ය ඉතාමත් සූක්ෂමව ඉවත් කරන ආකාරය දකින්න පුළුවන්. ඒ වැලි නිසා දත් අධිකව ගෙවී යාම වලක්වන්න.

තුන්වන රූපයේ දැක්වෙන්නේ අලියෙකුගේ මුව ඇතුලත දත් පිහිටන ආකාරය.ගෘහස්ථ අලි ඇතුන් වැලි සහ අනෙකුත් අපද්‍රව්‍ය සහිත ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව ඉතාමත් අඩුයි ඒ නිසා ඔවුන්ගේ දත් වල පැවැත්ම වැඩි වීමත් ඊට සාපේක්ෂව අලි ඇතුන්ගේ ආයු කාලය වැඩි විමත් දකින්න පුළුවන්.
උපුටා ගැනීමකි


