අගෝස්තු මස 5වනදින සවස 5ට පෙර ගාලුමුවදොරින් ඉයත් වෙන ලෙසට කළ පොලිස් දැනුම්දීම සිදුවන අතර, එම පරිශ්‍රයේ මෙතෙක් රැඳී අරගලකරුවන්ට සෙත සැලසූ ශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම ගෝල්ෆේස් අරගලභූමියෙන් භූමියෙන් ඉවත්ව යන බවට අරගලකරුවන්ට දැනුම් දී තිබෙනවා. ඔවුන් මේ වනවිට ඔවුන්ගේ සියලු බඩු බාහිරාදිය ඉවත්කර ගනිමින් සිටින බවයි අරගල බිමෙන් වාර්තා වන්නේ.
ගාලුමුවදොරින් ඉවත් වූ නමුත් ඉදිරියටත් අරගලයට සහය දක්වන බව ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව අරගලකරුවන්ට දැන්වූ බව එහි සිටින පිරිස් පවසනවා.
“ගෝල්ෆේස් අරගල භුමියෙන් පමණයි ඉවත් වෙන්නේ.ඕනෑම හදිසි අවස්ථාවක අපගේ සහයෝගය ලබා දෙන්න අප ඉදිරියටත් සුදානම්”
ඔවුන් මෙසේ සමුගන්නා විට, එහි රැඳී සිටින අරගලකරුවන්,මාස ගණනාවක් තමන්ට සෙත සැලසීම පිළිබඳව දැඩි ප්‍රශංසාවෙන් යුතුවඅදහස් දක්වා තිබුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…