නිත්‍යානුකූල මාර්ගයට මෙරටට විදෙස් මුදල් එවන විදෙස් ශ්‍රමිකයන්ට බදු රහිතව විද්‍යුත් වාහනයක් මෙරටට ගෙන්වීමට අවස්ථාව ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඩොලර් 3000 කට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට එවන පුද්ගලයෙකුට අදාල මුදලින් හරි අඩක් වටිනාකමින් යුත් විද්‍යුත් යතුරුපැදියක්, ඩොලර් 20.000 කට වැඩි ඕනෑම මුදල් ප්‍රමාණයක් මෙරටට එවන පුද්ගලයෙකුට අදාල මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65.000 ක් දක්වා වටිනාකම සහිත විද්‍යුත් මෝටර් රථයක්,
වශයෙන් බදු රහිතව මෙරටට ගෙන්වීමට අවස්ථාව හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
එලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක කරවන රථවාහනයක් මෙරටට ගෙන්වනවා නම් රථවාහනය සඳහා අවශ්‍ය විද්‍යුත් බලය ආරෝපණය කර ගැනීම සඳහා සූර්ය බල පද්ධතියක් මිල දී ගැනීම හෝ ආනයනය කිරීම ඔහු විසින් සිදු කළ යුතු බවත්, එලෙස ගෙන්වන වාහන ජාතික විදුලිබල පද්ධතිය හරහා ආරෝපණයට අවස්ථාව නොලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…