දේශීය

හරි පාරෙන් ඩොලර් එවන අයට වාහනයක් ගන්න අවස්ථාව

නිත්‍යානුකූල මාර්ගයට මෙරටට විදෙස් මුදල් එවන විදෙස් ශ්‍රමිකයන්ට බදු රහිතව විද්‍යුත් වාහනයක් මෙරටට ගෙන්වීමට අවස්ථාව ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඩොලර් 3000 කට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට එවන පුද්ගලයෙකුට අදාල මුදලින් හරි අඩක් වටිනාකමින් යුත් විද්‍යුත් යතුරුපැදියක්, ඩොලර් 20.000 කට වැඩි ඕනෑම මුදල් ප්‍රමාණයක් මෙරටට එවන පුද්ගලයෙකුට අදාල මුදලින් හරි අඩක වටිනාකම උපරිමය ඩොලර් 65.000 ක් දක්වා වටිනාකම සහිත විද්‍යුත් මෝටර් රථයක්,

වශයෙන් බදු රහිතව මෙරටට ගෙන්වීමට අවස්ථාව හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

එලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක කරවන රථවාහනයක් මෙරටට ගෙන්වනවා නම් රථවාහනය සඳහා අවශ්‍ය විද්‍යුත් බලය ආරෝපණය කර ගැනීම සඳහා සූර්ය බල පද්ධතියක් මිල දී ගැනීම හෝ ආනයනය කිරීම ඔහු විසින් සිදු කළ යුතු බවත්, එලෙස ගෙන්වන වාහන ජාතික විදුලිබල පද්ධතිය හරහා ආරෝපණයට අවස්ථාව නොලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 hour ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 hour ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago