Categories: දේශීය

බස් එකේ හිටි රුහුණේ වෙරංග, කුදලගෙන යෑමෙන් කඩ වූ මූලික අයිතිවාසිකම් ගැන විමර්ශනයක් කරන්නැයි, මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක්

කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණයකට සහභාගී වීමට පැමිණ, එය නිමවී බස් රථයකට නැගුණු වෙරංග පුෂ්පික නම් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී තරුණයා ඉකුත්දා පොලිස් අත්අඩංගුවට ගැණුනා. එය පළමුව වාර්තා වූයේ පැහැරගැනීමක් ලෙසයි. ඊට හේතුව වූයේ එම ක්‍රියාදාමය පොලිසිය විසින් සිදු කළ ස්වභාවය සහ ඉන් පසුත් අනුගමනය කළ පියවරවල ඇති සැකය දනවන සුළු කරුණුයි. එහිදී මානව හිමිකම් කොමිසන් සභාවද මැදිහත් වී තිබුණා .එහිදී සිදුවූ ක්‍රියාදාමයේ ස්වභාවය යළිත් සිහිපත් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , කොමිසන් සභාවට ලිපියක් යවා තිබෙනවා. මේ එම ලිපියයි

සුලාරි ලියනගම මහත්මිය,
විමර්ශන අධ්‍යක්ෂ,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

අධ්‍යක්ෂතුමියනි,

මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සම්බන්ධවයි

නිදහස් මාධ්‍යවේදියකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන වෙරංග පුෂ්පික නම් තරුණයා පසුගිය 27 වැනිදා කොළඹ කොටුවේ බස් රථයක් තුල සිටියදී පැහැර ගැනීම ගැන අප විසින් කළ දැනුම්දීමට අනුව ඒ මොහොතේම ක්‍රියාත්මක වීම සහ ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශන නිලධාරියකු යොමු කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමු.

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබූ එම තරුණයා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව පොලිස් ස්ථානයට රැගෙන එන බවත් ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබිණි.

කෙසේ වෙතත් එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් ඔහු 28 වැනිදා කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය. පොලිසිය නීතිඥවරුන්ට ද ඒ බව දැනුම් දී තිබිණි.

ඒ අනුව නීතිඥවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඔහු ඉදිරිපත් කරන තුරු බලා සිටියද, ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත. පසුව දැනගත් පරිදි ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ජනමාධ්‍ය පොලිසිය උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ වෙරංග අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් නීතිඥවරුන් ඉදිරිපත් නොවූ බවයි. ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමට ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛව නීතිඥවරුන් විශාල පිරිසක් සූදානමින් සිටිය ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ ශ්‍රී ලංකා පොලිසිය අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් සටහන් කිරීම සහ කරුණු දැක්වීම චේතනාන්විතව මග හැරීමට කටයුතු කර ඇති බව බැලූ බැල්මට පෙනී යයි.

අත්අඩංගුවට ගත් වෙරංග ස්ථාන කිහිපයකට රැගෙන ගොස් ඇති බව ද වාර්තා විය. සත්‍ය වශයෙන්ම සිදුවූයේ ඔහු අත්අඩංගුවට ගැනීමක් නොව ඔහු පැහැර ගැනීමකි. පොලිසියේ හැසිරීම තුලින් පෙනී යන්නේ පැහැරගෙන ගොස් ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබුණේද යන්නයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිඥවරුන්, ජනමාධ්‍ය, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් හදිසියෙ ්මැදිහත්වීම තුල පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වන්නට ඇතැයි අපි සැක කරමු.

වෙරංග පුෂ්පික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද, අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් ද, ඔහුට නීතිඥ නියෝජනයක් අහිමි කිරීම සම්බන්ධයෙන් ද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සහ පොලිසියේ ක්‍රියාරිත්වය මත වෙරංග පුෂ්පිකගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිර්දේශ කර ඊට අදාල සුදුසු සහන නිර්දේශ කරන ලෙසත්, මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූ නිලධාරීන්ගේ නම් සහ තනතුරු අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට විනය බලධාරීන්ට නිර්දේශ කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
web.yjasl@gmail.com

පිටපත්
සභාපති,ශ්‍රී ලංකා නීතිඥ සංගමය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago