දේශීය

IMF සමඟ එකඟතාවය කල් යයි – රනිල් වික්‍රමසිංහ

Iජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා මෙරට සහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වන එකඟතාවය ලබන සැප්තැම්බර් දක්වා කල් දැමීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමන් අගමැතිව සිටිය දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවන්ට අනුව අගෝස්තු මුල් සතිය තුළ දී මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීම සඳහා එකඟතාවයට පැමිණීම තම අපේක්ෂාව වූ බවත් එහෙත් ඉන්පසුව රට තුල ඇතිවූ නොසන්සුන්තාව හා දේශපාලන අස්ථාවරභාවය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීම ප්‍රමාද වී ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයක් නොමැතිව අනිකුත් පාර්ශවයන් විසින් මුදල් ලබා නොදෙන බවයි එතුමන් අවධානය කර සිටියේ.

ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති හමුවකදී එතුමන් මේ බව ප්‍රකාශ කර සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago