එදා අත දුන්නනම් ලංකාවෙන් පිටට වාහන අපනයනය කරන්නත් තිබුනා. ලංකාවේ ප්‍රථම ට්‍රක් රථය.. ලංකානී
මෙය හදනවිටත් නොයෙක් ගැටලු එන්න ඇති. බලපත්‍ර ගැනීමේදි,. කෙසේ වෙතත් හරි අපූරු අත්දැකීම් සම්භාරයක් ලබමින් අපි මෙය හැදුව .මංගල ගමන ගියේ ආදිවාසී නායක තිසාහාමි මහතාගේ ගෙදරට.කැලේ මදින් ඇල දොල හරහා ගිය මේ ගමනට යන්න මටත් වාසනාව ලැබුන .Mr. Brekwek උපරිම උත්සාහ කරා චෙසිය කඩාදමන්න, ඒත් කිසිම හානියක් වුනේ නෑ. මොකද මේ ගියේ testrun එකක් නිසා. වාහනයට නම තිබ්බේ Mr. Sidni. නම තමයි ලංකානි .ලංකා කාර්මික නිශ්පාදන, ලංකානි චෙසිය නැව්වේ වේරහැර මධ්‍යම වැඩපල. චෙසිය ජොයින්ට් වෙන වෙල්ඩින් පාර ගැහුවේ Mr Mahindharathna, ඉතින් මෙවැනි වාහන තුනක් අපි හැදුව .
එන්ජින් ඩිෆරන්සල් ,වොල්ක්ස්වොගන් සමාගමේ පරිත්‍යාග .සෑහෙන කාලයක් මෙම වාහන තුන පාවිච්චි කරා. සෑහෙන කාලයකට පස්සෙ මම මගේ බිරිදත් දරුවනුත් කැටුව ගියා c.g.t.t.i. එකේ තිබුනු ප්‍රදර්ශනයක් බලන්න .බොහොම උජාරුවෙන් අපි හදපු වාහන පෙන්නන්න. පේන්න නොතිබුන නිසා මම අහල බැලුවම දැනගන්න ලැබුන ඒව පරන යකඩවලට විකුනූ බව. එවෙලෙ මගේ හදවත කඩාගෙන වැටුන .අපේ ඉතිහාසය පරන යකඩ වලට විකුනල .
එවකට තිබුනේ එක්සත් ජාතික පක්ශ පාලනයක්, මෙම ලිපිය සකස් කිරීමේදී යම් අතපසුවීමක් වී ඇත්නම් සමාවන්න .මෙම සිදුවීම අවුරුදු 45ක් පැරනි නිසා .මගේ කන්ඩායමේ හයදෙනාගෙන් තිදෙනෙකුත් මේ වනවිට අවසන් ගමන් ගොසිනි.
උපුටා ගැනීම
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…