දේශීය

අරගලය තියෙන්නේ ගාලුමුවදොර විතරක් නොවෙයි – සරත් ෆොන්සේකා

හදිසි නීතිය ඇතුළුව රටක නීතිය ශක්තිමත්ව ගෙන යා යුත්තේ මහජනතාවගේ ආරක්ෂාව සඳහා වන බවත් එහෙත් අද නීතිය භාවිත වන්නේ ජනතාව මර්දනය කරමින් පාළකයාට ආරකෂා වීම සඳහා බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

භාෂණය , අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය දියුණු ලෝකය පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී කාරණා වුවද මෙරට වත්මන් පාළකයන් තරුණයන්ගේ අදහස් බලාපොරොත්තු යටපත් කර සිය පාලනය ගෙන යෑමට උත්සහගැනීම කණගාටුවට කරුණක් වන බව එතුමන් පවසනවා. ඉන්ධන, විදුලිය, පාසැල්, රාජ්‍ය සේවය, ප්‍රවාහනය ආදී සියල්ල ඇණහිටමින් ජනතාව පීඩාවට පීඩනයට පත් වීම නිසා ජනතාව පාරට බැස්ස බවත් එලෙස එලියට පැමිණි ජනතාව ත්‍රස්තවාදීන් ලෙස පාලකයන් විසින් නම් කිරීම වැරදි බවත් එතුමා පෙන්වා දෙනවා.

රට පාලනය කිරීමට යැයි පැමිණී අය තව තවත් ණය ගන්න බලනවා හැර ඒ ගන්න ණය ගෙවන්නේ කොහෙමද, යන්න පිළිබඳවත් සැලැස්මක් දැක්මක් ඔවුන්ට නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු තුළ දී අවධාරණය කර සිටියා. මහජනතාව දූශිත පාළකයන් පිටු දකිමින් ඔවුන් ප්‍රතික්ෂේප කර තියෙද්දී රාජපක්ෂවරු විසින් ඔවුන්ගේ ඉත්තෙක් යොදා රට පාළනය කිරීම නිවැරදි නොවන බවත් වර්තමාන ජනාධිපති යනු ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු බවත් එතුමන් පවසනවා. ඒ නිසා ඔහු හමුදාව සහ පොලීසිය යොදා ගනිමින් ජනතාව මර්දනය කිරීමට උත්සහගන්නා බවත් වත්මන් ජනාධිපතිවරයාගේ අදහස නිවැරදි එකක් නොවන බවත් එතුමා පවසනවා.

සමස්ත අරගලය ඇත්තේ ගාලුමුවදොර පමණක් නොව රටේ මිලියන 22 ක් වන ජනතාව තුළ බව පවසන එතුමා හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ගේ 95% ක් සිටින්නේ ජනතා අරගලයේ බව අවධාරණය කර සිටියා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

19 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

19 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago