– 2022.07.27- ජනපති අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමිනි. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරු විසින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමාව පිළි ගනු ලැබිණ. සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. තමා ජනාධිපති ධූරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිතුමා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව ද කියා සිටියේය.
ජනාධිපති මාධ්‍ය අංශය
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…