දේශීය

අරගලයේ නිරතව සිටී තරුණයන්ගේ ඉල්ලීම වුයේ වෙනසක්

– 2022.07.27- ජනපති අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ දී එහි කාර්ය මණ්ඩලය අමතමිනි. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් යන මහත්වරු විසින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමාව පිළි ගනු ලැබිණ. සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. තමා ජනාධිපති ධූරය භාර ගත්තේ රට ඉතා අසීරු තත්ත්වයක පවතින අවස්ථාවේ බව සඳහන් කළ ජනාධිපතිතුමා ආර්ථික අභියෝගය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට මේ වන විට පියවර රැසක් ගෙන ඇති බව ද කියා සිටියේය.

ජනාධිපති මාධ්‍ය අංශය

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

23 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

23 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago