දේශීය

කරන්දෙණිය OIC ට තුති..

 
දිනය : 24.07.2022ස්ථානය : මහඒදණ්ඩ ඉන්ධන හල 


උදේ 6.45 ට පමණ තෙල් පෝලිමට එක්වුණු මම කෙසේ හෝ තෙල් ටිකක් හෝ ලබා ගනිමියි සිතමින් බවුසරය එනතුරු බලා සිටියෙමි… 
වේලාව සවස 1.30 ට පමණ කිහිප දෙනෙකු අපේ දෙසට එනු දැක්කෙමි…එක් අයෙකු කලු පාට Marker Pen එකක් අරගෙන වාහනවල බොනට්ටුවේ හෝ විදුලි ලාම්පුවේ අංකයක් ලීවේය. අංක කලේ දිනයට අදාල 3,4 සහ 5 අංක තහඩු සහිත වාහන පමණකි.ඔහු පොලීසියෙන්  OIC බව අප අතර සිටියෙකු කියනු ඇසිණි. 


ටික වේලාවකින් තවත් මහතකු පැමිණි අතර OIC මහතා ලකුණු කල අංකය සහ ඊට අදාල වාහනයේ අංකය පොතක ලියාගත්තේය… 
ත්‍රීවීල් සහ මෝටර් සයිකල් තිබුනේ ඇල්පිටිය දෙසටයි..අප සිටියේ අම්බලන්ගොඩ දෙසටයි… 
OIC මහතා සහ අනිත් නිලධාරියා ත්‍ර්‍රීවීල් සහ මෝටර් සයිකල් ද අංක කළ අතර අනිත් නිලධාරියා පෙර පරිදිම සියලු අංක පොතක ලියුවේය… 


මේ අතර තෙල් බවුසරය පැමිණි අතර විගසින් තෙල් බෑම ඇරඹුණි.. 
ඉන්පසු shed එකේ පොඩි රැස්වීමකි, shed එකේ පොම්ප කරුවන්   , අයිතිකරු සහ තෙල් ගැසීමට පැමිණි කිහිපදෙනෙකු රැස්වීමේ ඉදිරියෙන් සිටිති..OIC මහතා උස් හඩින් කතා කළේය.. 
“අද මෝටර් සයිකල් 750කට ත්‍රීවීල් 500 කට කාර් වෑන් සහ කුඩා ලොරි 130 කට තෙල් ගහනවා..ඔක්කොම වාහන අංක කරලා ඉවරයි…තෙල් හගන්නේ අපි ලියගත්තු අංක වලට පමණයි..අනෙක් අය වෙන දවසක එන්න..”ඒ ටික කිව්වේ තෙල් ගහන්න ආපු අයටයි… 


නැවතත් ඔහු, 
“පොම්ප වල ඉන්න මල්ලීලා මේ ටික හොදින අහගන්නවා…මම අංක කරපු වාහන වලට තෙල් ගහන්න ඕන. තෙල් ගහන්න බැරි වුනොත් ඒ උඹලා නිසා…වැඩිපුර රුපියල් 500 ක් 1000ක් දික්කරාම උඹලා full tank ගහන බව මම දන්නවා.වාහනය අනුව ගහන්න ඕන ප්‍රමාණය විතරක් ගහනවා හරිද? Full Tank ගහලා මට අහුවෙන්න  එපා…” යැයි උස් හඩින් කීය… 
පොලිස් ජීප් එකක් නිලදාරීන් පුරවා ගෙන පැමිණි අතර පොලිම අසල, පෝලිම් වල ආරම්භක ස්ථානවල ඔවුන් ස්ථානගත කෙරිණි… 
තෙල් ගැසීම ආරම්භ විය…පච්ච කොටාගත්, ත්‍රස්ත පෙනුම ඇති කීපදෙනෙකු ඇවිත් shed එක ආසන්නයේම කැරකුනද OIC මහතා එය තඹේකට මායිම් කළේ නැත… ඔවුන් යන්න ගියේය… 


කුඩා දරුවකු බඩේ බැදගත් (මල්ලක බදු ජැකට්ටුවක් ඇද පොඩි දරුවෙකු එහි  දමාගත්) කාන්තාවක් කිසිදු සෙව්ල්ලකින් තොරව පෝලිමෙන් පිට shed ඇතුලු විය…මිනිසුන් ටිකක් කලබල වුනි…මේ කාන්තාව මොකක්දෝ OIC මහතාට කීවේය..කිසිදු සැලකිල්ලක් නොලැබිණි…ඔහූ කීවේ මෙතනින් ඉවත්වන ලෙසය… shed එකේ ඉස්සරහට ආව OIC කීවේ “පොඩි බලාලා වඩාගෙන ආපු තුන්වැනියා ඔයා….මෙතන ඉන්න මිනිස්සුන්ගේ ගෑනුන්ටත් බබාලා ලැබෙන්න ඉන්නවා වෙන්න පුලුවන්…කාටත්  නීතිය එකයි..කරුණාකරලා මෙතනින් යන්න” කියාය… ඒ කත පැයක් පමණ සිට තෙල් නොමැතිව ආපසු ගියාය… 


දැන් රාත්‍රී 8.00 යි..මම දැන් පොම්පයට ඉතා ලගයි..මට ඉදිරියෙන් තිබූ කාර් එකේ සිටි අය මා ලගට ඇවිත් කීවේ ” මල්ලී අදනම් තෙල් නොලැබුනත් දුකක් නෑ කියාය.” ඇයිදැයි මා විමසූ විට ඔහු කීවේ මේ විදිහට සාධාරණව තෙල් ගහනවානම් අන්තිමේදි තෙල් ඉවර වුනත් දුකක් නැති බවය… 
මගෙ වාරය ආවේය…ඉක්මනින් තෙල් ගසා මාව ඉවත් කිරීමට OIC ට මහ කලබලයකි…මම ඔහුට අතට අත දී ” මහත්තයා ඔයාගේ වැඩ පිළිවෙල සුපිරියි” කීවේය..ඔහුගේ ඇස් දීපතිමත් විය…මම ඔහුට ස්තූති කර ආපසු පැමිණියෙම්….. 
ප.ළි.SYSTEM  CHANGE කරන්නට දේශපාලුවන්ම අවශ්‍ය නැත…කරන්දෙණිය පොලීසියේ OIC මේ Shed එකේ SYSTEM එක අපූරුවට CHANGE කලේය.. 


ඊලග  දිනයට අදාල පෝලිමත් ඒ වනවිට හැදෙමින් තිබෙනු දක්නට ලැබුණු අතර ඒ පොලීමේ සිටි අයම marker pen එකක් අරහෙන වාහන වල අංක ගසන අතර කොලයක් ගෙන එම  වාහන වල අංක ලියන තරුන පිරිසක්ද එහි විය….ඒ මා දකින්නෙ අද දිනයේ අර OIC මහතා පෙන්වා දුන් සාධාරණ කමේ SYSTEM එකම නොවේද? 


වෙනසකට ඇත්තේ ආරම්භය OIC ගත්‍තත් පසුව සාමන්‍ය ජනතාව ඒ දෙයම අනුගමනය කිරීම පමණකි… 
මාගේ හද පිරි ප්‍රණාමය නිල ඇදුමට සැබෑ අරුත දුන් නම නොදන්නා කරන්දෙණිය OIC මහතා වෙතයි…. 


හරීන්ද්‍ර රත්නවීර – 25.07.2022
COPYED

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

16 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

16 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago