ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්දේශයක් පාර්ලිමේන්තුවට භාර දී තිබුණා. කතානායකවරයා විසින් එම සන්දේශය පාර්ලිමේන්තුව ඉදිරිපිත් කර සිටියා. මහජන ආරක්ෂාක අඥාපනත ප්‍රකාරව රට තුළ හදිසි අවස්ථාව පවත්වාගෙන යෑම සඳහා ඉල්ලීම් කිරීමත් රටේ මහජන ආරක්ෂාව හා අත්‍යවශ්‍යය සේවා සඳහා හා මහජන සාමය පවත්වාගෙන යෑමට එහි දායකත්වයත් ජනාධිපතිවරයා ලිපියෙන් දන්වා තිබුණා.
එමෙන්ම අභිනව ජනාධිපතිවරයා වශෙයන් තමන් පත්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම ලිපියක් මඟින් ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබු අතර පාර්ලිමේන්තු මහ ලේකම් වරයා විසින් එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.


