දේශීය

පාර්ලිමේන්තුව හෙට (27) රැස්වේ

පාර්ලිමේන්තුව හෙට (27) රැස්වේ හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා…

වජිර අබේවර්ධන මහතා මන්ත්‍රීධුරයේ දිවුරුම් දීම හෙට…————-පාර්ලිමේන්තුව හෙට පෙ.ව 10.00ට රැස්වීමට නියමිත අතර මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.

2022 ජූලි 17 දිනැති අංක 2288/30 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශනය සිදුකොට ඇති අතර නෛතික ප්‍රතිපාදන අනුව එම හදිසි අවස්ථා ප්‍රකාශනය සදහා දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යනු ඇත.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජිවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම නිවේදනය නිකුත් කර ඇති බවද ගැසට් පත්‍රයේ සදහන් වේ.

මේ අතර ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කළ වජිර අබේවර්ධන මහතා හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය.

උපුටා ගැනීම

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago