එලබෙන අගෝස්තු 1 වන දා සිට ඉන්ධන ලබාදීම Q.R ක්‍රමවේදය හරහා පමණක් සිදු කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව අගොස්තු පළමු වන දා දක්වා වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කරන බවයි එතුමා ප්‍රකාශ කර සිටියේ.ඉන්ධන සැපයීම පිලිබඳව කරුණු 7 ක් එතුමා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
2. තාක්ෂණික පහසුකම් නොමැති ඉන්ධන හල් වලින් ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන සපයයී. එහෙත් Q.R කියවීම සඳහා උපරිම අවස්ථාව ලබාදෙයි
3. වහාම Q.R ක්‍රමය අනුගමනය කරන ලෙස CEYPETCO සහ IOC ඉන්ධන හල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර, අගෝස්තු 1 වන දා ඉන් පසු Q.R පහසුකම් ඇති ඉන්ධන හල් වෙත ඉන්ධන සැපයීම දැඩි කරයි.
4. මෙම සතිය අවසාන වන විට ව්‍යාපාර සහ බහු වාහන ලියාපදිංචි කිරීමට පද්ධතිය තුළ අවකාශ ලබා දෙනු ඇත.
5. ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය මැදිහත්ව ත්‍රීරෝද රථ ලියාපදිංචි කර සෑම ත්‍රී රෝද රථයක් සඳහාම නිශ්චිත ඉන්ධන පිරවුම් හලක් වෙන් කරයි.
6. සෞඛ්‍ය, කෘෂිකර්ම,ධීවර, සංචාරක සහ අනෙකුත් කර්මාන්ත සහ සේවා සඳහා පද්ධතිය තළ පිරවුම් හල් වෙන් කරයි
7. අගෝස්තු 1 වන දා සිට Q.R ඉන්ධන කෝටාව පමණක් වලංගු වන අතර වහනයේ. ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කමට ඉන්ධන සැපයීම අවලංගු වේ.
ජතික යෞවුන් සේනානායකය , ජාතික තරුණ කවුන්සිලය සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 තුළ දී මෙම ඉන්ධන වැඩසටහනට සහය වීමට නියමිත බවද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…