දේශීය

අගෝස්තු 1 වෙනිදා සිට Q.R ක්‍රමවේදය පමණයි

එලබෙන අගෝස්තු 1 වන දා සිට ඉන්ධන ලබාදීම Q.R ක්‍රමවේදය හරහා පමණක් සිදු කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව අගොස්තු පළමු වන දා දක්වා වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කරන බවයි එතුමා ප්‍රකාශ කර සිටියේ.ඉන්ධන සැපයීම පිලිබඳව කරුණු 7 ක් එතුමා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

  1. ජාතික ඉන්ධන බලපත්‍රය (Q.R ) අවසාන ඉලක්කමට අනුව 26 වන දා සිට LOLC සහ CEYPETCO ඉන්ධන හල් කිහිපයක දී ක්‍රියාත්මක වේ

2. තාක්ෂණික පහසුකම් නොමැති ඉන්ධන හල් වලින් ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන සපයයී. එහෙත් Q.R කියවීම සඳහා උපරිම අවස්ථාව ලබාදෙයි

3. වහාම Q.R ක්‍රමය අනුගමනය කරන ලෙස CEYPETCO සහ IOC ඉන්ධන හල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර, අගෝස්තු 1 වන දා ඉන් පසු Q.R පහසුකම් ඇති ඉන්ධන හල් වෙත ඉන්ධන සැපයීම දැඩි කරයි.

4. මෙම සතිය අවසාන වන විට ව්‍යාපාර සහ බහු වාහන ලියාපදිංචි කිරීමට පද්ධතිය තුළ අවකාශ ලබා දෙනු ඇත.

5. ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය මැදිහත්ව ත්‍රීරෝද රථ ලියාපදිංචි කර සෑම ත්‍රී රෝද රථයක් සඳහාම නිශ්චිත ඉන්ධන පිරවුම් හලක් වෙන් කරයි.

6. සෞඛ්‍ය, කෘෂිකර්ම,ධීවර, සංචාරක සහ අනෙකුත් කර්මාන්ත සහ සේවා සඳහා පද්ධතිය තළ පිරවුම් හල් වෙන් කරයි

7. අගෝස්තු 1 වන දා සිට Q.R ඉන්ධන කෝටාව පමණක් වලංගු වන අතර වහනයේ. ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කමට ඉන්ධන සැපයීම අවලංගු වේ.

ජතික යෞවුන් සේනානායකය , ජාතික තරුණ කවුන්සිලය සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 තුළ දී මෙම ඉන්ධන වැඩසටහනට සහය වීමට නියමිත බවද බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago