Wednesday, June 17, 2026
Homeවිශේෂාංගත්‍රී පෝෂ ගෙදර හදමු

ත්‍රී පෝෂ ගෙදර හදමු

මේ කාලේ ත්‍රීපෝෂ ලැබෙන්නෙ නැති නිසා. කන්න ආස හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. ත්‍රී පෝෂ 😍ඒ රසටම.. ගෙදර හදමු 😋❤️

  1. බඩ ඉරිඟු ඇට = 100g

2. සෝයා ඇට = 50g

3. මුං ඇට = 25g

මෙ තමයි “ත්‍රී” පෝෂණීය ධාන්‍ය වර්ග තුන.🌾ඊලඟට රස කාරකය 😌( මේක තමයි වැදගත්ම දේ) ❤️ හයිලන්ඩ් යොදය සහිත පිටි කිරි =12g. දැන් හදමු…💕මුලින්ම බඩ ඉරිඟු ඇට ටික මද රස්නෙන් බැද ගන්න ඕනී. රස්නෙ වැඩි උනොත් ත්‍රී පෝෂ නෙමෙයි පොප් කෝන් තමයි කන්න වෙන්නෙ 😁. හොඳ සුවඳක් එනවා ඒ ටික හරි ගානට බැදෙනකොට. පාට වෙනස් වෙනකම් බදින්න එපා.💕ඊලගට සෝයා ඇට ටිකත් මද රස්නෙන් බැද ගන්න. ඒකත් පාට වෙනස් වෙනකම් බදින්න එපා.💕ඊලගට මුං ඇට ටිකත් මද රස්නෙන් බැදගන්න. ඒකෙත් පාට වෙනස් වෙන්න දෙන්න එපා. ඊට පස්සෙ මුං ඇට ටිකෙ පොත්ත අයින් කර ගන්න. පාට වෙනස් වෙනවා කියන්නෙ බැදෙනවා වැඩි කියන එක.එතකොට රසෙත් වෙනසක් වෙනවා 😌💕ඊට පස්සෙ මේ ඇට වර්ග ටික කුඩු කර ගෙන හලා ගන්න. 💕ඊට පස්සෙ කිරි පිටි ටික එකතු කර ගෙන හොදට කලවම් කර ගන්න.. 😍පොල්, සිනි, ලුනු රස අනුව එකතු කරගෙන ගුලි හදලා කන්න.

උපුටා ගැනීම

READ:   හිටපු ජනපති ලඟදීම ලංකාවට එනවා - සාගර කාරියවසම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්