Thursday, July 23, 2026
Homeදේශීයඅරගල භූමියේ කළ මෙහෙයුමකින් නව දෙනෙකුන් අත්තඩංගුවට ගත්තා

අරගල භූමියේ කළ මෙහෙයුමකින් නව දෙනෙකුන් අත්තඩංගුවට ගත්තා

ඊයේ රාත්‍රියේ අරගල භූමියේ සිදු කළ මෙහෙයුමකදී පුද්ගලයින් නව දෙනෙකු අත්තඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටි නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවත් ඉතිරි අය අද දිනයේ අධිකරණය සඳහා යොමු කිරීමට පොලිස් භාරයේ පසුවන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ප්‍රධාන දොරටුව අසලින් විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා ඊයේ මෙහෙයුමක් දියත් කළ බවත් ඒය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ ආරක්ෂක අංශ ඒකාබද්ධව ගෙන ගිය මෙහෙයුමක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී අදහස් පළ කළ පුද්ගලයෙකු අත්තඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්