Monday, June 15, 2026
Homeදේශීය8 වන විධායක ජනාධිපතිවරයා අද තේරිපත්වීමට නියමිතයි

8 වන විධායක ජනාධිපතිවරයා අද තේරිපත්වීමට නියමිතයි

   ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ජනපති ධූරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති වරයෙකු පාර්ලිමේන්තු රහස් ජන්දයෙන් අද දිනයේ තෝරා පත් කර ගැනීමට නියමිතයි. එ අනුව ජනපතිධූරය සඳහා තරඟ වදින  තරඟ කරුවන් තිදෙනෙනකුගේ නම් ඊයේ පාර්ලිමේන්තුව තුල දී යෝජනා වූවා.

එ අනුව

♦️  වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ

♦️  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

♦️   පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

යන අපේක්ෂකයින් අද ජනපති සටන සඳහා තරඟ වැදීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජන්දයෙන් වැඩිම ජන්ද ලබා ගන්නා අපේක්ෂකයා තරඟ කළ තරඟ කරුවන් තිදෙනා අතුරින් අභිනව ජනාධිපතිවරයා ලෙස ධූරයේ දිවුරුම් දීමට නියමිතයි. එම අපේක්ෂකයා මන්ත්‍රීවරුන්ගේ රහස් ජන්දයෙන් තෝරා ගැනීමට නියමිත වන අතර පාර්ලිමේන්තුව අවට හා මාර්ගවල ආරක්ෂාව මේ වන විටත් තරකර ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ජනතාවට තුවක්කු දික්කරන්නෙපා සරත් ෆොන්සේකා ඉල්ලා සිටියි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්