ලංකාව තවම දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ අපෙ වැඩිහිටි මිනිස්සුන්ගෙ තියන හණමිටි අදහස් නිසා. අර ඡන්දෙ කාලෙකට වුණත් එයාලාගෙ ජන්දය පාවිච්චි කරන්නෙ පුරුද්දට, හැමදාම දෙන පක්ෂයට පාටට. රට හදන යමක් කරන්න පුළුවන් තරුණ පරපුරෙ කොල්ලෙක් වෙනුවෙන් කවදාවත් එයාලා
පාවිච්චි කරන්නැ.
මම අද නිවුස් වල දැක්කා ගාෙවි මහතෙකු කුබුරෙ ඉඳන් කියනවා අපිට තියන පොඩ් Phone එකින් තෙල් ගන්න එකට එකතු වෙන්න විදිහක් නෑ කියලා. ඇත්ත, එහෙම බැරි වෙන්න පුළුවන්. නමුත් මම නම් හිතන්නැ දැන් ස්මාර්ට් Phone එකක් Computer යූස් නොකරන ළමයෙක් ගම් වල ඉන්නවා කියලා.
ඉතින් හැම එකටම නැති බනෙ කියවන්නැතුව උවමනාවක් තියනවා නම් ටවුමට ගිහින් Communication එකකින් හරි තෙල් ගන්න හදපු System එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්.
එයින් සහනය සැලසෙන්නෙත් පොඩ් මිනිස්සුන්ටම තමයි.
නැත්නම් ඉතින් ෂෙඩ් එකට බවුසර් එක ආවා ගමන් සල්ලි තියන එකා බැරල් ගනන් පටවන් යනවා. අර මිනිස්සු හැමදාම පොලිම් වල නහිනවා.
රටක හැදෙන මෙවැනි සිස්ටම් නිසා සල්ලි තියන මිනිහයි, නැති මිනිහයි දෙපාර්ෂවයටම එකම විදිහට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.
ඉන්දියාව අපිට වඩා ඉස්සරහින් ඉන්නෙ එහෙ වයස් සීමාවක් නැතුව එ අය #තාක්ෂණය කියන දෙයින් හරියාකාරව ප්‍රයොජන ගන්න නිසා.
ඉතින් ඔයාලත් Facebook එකෙ බැන බැන ඉන්නෙ නැතුව නොදන්න අයට මෙ System එකට එකතු වෙන්න උදවු කරන්න.
මෙ වගෙ කාර්ඩ් එකක්, ස්ටිකර් එකක් හදලා පිළිවෙලට කරලා දෙනවා නම් ඒකට සුළු මුදලක් අය කරත් කමන්නැ. 
උපුටා ගැනීමකි



