රටේ වර්තමාන අර්බුදකාරී තත්වයට ප්‍රධාන හේතුව විධායක ජනාධිපති ක්‍රමය බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එසේ හෙයින් නැවතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් මහජනතාවගේ ගැටළු රැසක් විසදීමට තමන් බලාපොරොත්තු වන බව එතුමා පවසනවා.
ජූලි මාසයේ ඉන්ධන දුශ්කරතාවය ඇති වීම පිලිබඳව තමන් පැවසු බවත් දැනට ඩිසල් තොග සුරක්ෂිතව බෙදාහරින බවත් ජූලී 21 වනදායින් පසුව පෙට්‍රල් ද එලෙස බෙදාහැරීමට නියමිත බව වැඩබලන ජනාධිපති වරයා පවසනවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යෑම නිසා ආරථික පීඩනයෙන් සිටින ජනතාවට සහනසැලසීම සඳහා මෙරට ඉන්ධන මිල ද පහළ දැමීමට තීරණය කළ බවත් මෙරටට IMF හා විදෙස් රටවල සහය ලබාගැනීමට කළ සාකච්ඡාවන් සැලකියයුතු සාර්ථකත්වයක් ලබා ඇති බවද වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
| ReplyForward |



