පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නැවක් අනිද්දා එනවලු.
මෙට්‍රික් ටොන් එකක ලීටර් 1388 යි, ආසන්නව ලීටර් 1000ක් ලෙස ගනිමු.
එතකොට එතන ලීටර් 35,000 x 1000 = 35,000,000
ලංකාවේ සිපෙට්කෝ ෂෙඩ් 850 ක් තියලු
එක ෂෙඩ් එකකට 35,000,000 / 850 = 41,176 ආසන්නව ලීටර් 40,000 ක් ගනිමු.
ලොකු බවුසර් එකකට ලීටර් 13,200 ක් පුළුවන්
එක ෂෙඩ් එකකට 40,000 / 13,200 = 3.03 ආසන්නව බවුසර් 3ක් පුළුවන්.
එතකොට එක බවුසරයකින්
ලීටර් 5 ගානේ බයික් 600 ක් = ලීටර් 3000
ලීටර් 10 ගානේ ත්‍රිවිල් 500 ක් = ලීටර් 5000
ලීටර් 20 ගානේ කාර්/වෑන් 250 ක් = ලීටර් 5000
තව ඒ වගේ තුන් වතාවක් පුළුවන් එක ෂෙඩ් එකකින්.
හොඳට මතක් කරන්න මෙච්චර කල් හිටපු පෝලිංවල මෙච්චර වාහන තිබිලා නෑ නේද.
මේක ඇවිල්ලත් රට ඇතුලේ පෝලිං තිබුනොත් මතක තියාගන්න හොරු තාම සමාජේ ඉන්නවා. ඔබත් එක හොරෙක්ද කියලා හදවතට තට්ටු කරලා අහන්න.
මේ එන තෙල් නැව හරි විදියට හැමොම අතරේ බෙදුවා නම් සති දෙක තුනකටත් වැඩිය පෝලිං නැතුව සාමාන්‍ය විදියට යන්න පුළුවන්..
සිස්ටම් චේන්ජ් එක වෙන්න ඕනේ දේශපාලනය තුල විතරක් නෙවෙයි.
ඔබත් කුහක නොවී අවංකව හරියට වැඩ කරන්න. ඔබත් තව රාජපස්සයෙක් නොවන්න.
අන්න එදාට මේ රටේ මිනිස්සු හැටියට එකමුතුව මනුෂ්‍යත්වයේ අරගලය දිනන්න පුළුවන්..
ඉබේම සිස්ටම් චේන්ජ් වෙලා තියේවි.
( උපුටා ගැනුමකි )
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…