දේශීය

පෙට්‍රල් නැවක් එනවලු

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නැවක් අනිද්දා එනවලු.
මෙට්‍රික් ටොන් එකක ලීටර් 1388 යි, ආසන්නව ලීටර් 1000ක් ලෙස ගනිමු.
එතකොට එතන ලීටර් 35,000 x 1000 = 35,000,000
ලංකාවේ සිපෙට්කෝ ෂෙඩ්  850 ක් තියලු
එක ෂෙඩ් එකකට  35,000,000 / 850 = 41,176 ආසන්නව ලීටර් 40,000 ක් ගනිමු.
ලොකු බවුසර් එකකට ලීටර් 13,200 ක් පුළුවන්
එක ෂෙඩ් එකකට 40,000 / 13,200 = 3.03 ආසන්නව බවුසර් 3ක් පුළුවන්.
එතකොට එක බවුසරයකින්
ලීටර් 5 ගානේ බයික් 600 ක් = ලීටර් 3000
ලීටර් 10 ගානේ ත්‍රිවිල් 500 ක් = ලීටර් 5000
ලීටර් 20 ගානේ කාර්/වෑන් 250 ක් = ලීටර් 5000
තව ඒ වගේ තුන් වතාවක් පුළුවන් එක ෂෙඩ් එකකින්. 
හොඳට මතක් කරන්න මෙච්චර කල් හිටපු පෝලිංවල මෙච්චර වාහන තිබිලා නෑ නේද.
මේක ඇවිල්ලත් රට ඇතුලේ පෝලිං තිබුනොත් මතක තියාගන්න හොරු තාම සමාජේ ඉන්නවා. ඔබත් එක හොරෙක්ද කියලා හදවතට තට්ටු කරලා අහන්න.
මේ එන තෙල් නැව හරි විදියට හැමොම අතරේ බෙදුවා නම් සති දෙක තුනකටත් වැඩිය පෝලිං නැතුව සාමාන්‍ය විදියට යන්න පුළුවන්.. 
සිස්ටම් චේන්ජ් එක වෙන්න ඕනේ දේශපාලනය තුල විතරක් නෙවෙයි.
ඔබත් කුහක නොවී අවංකව හරියට වැඩ කරන්න. ඔබත් තව රාජපස්සයෙක් නොවන්න.
අන්න එදාට මේ රටේ මිනිස්සු හැටියට එකමුතුව මනුෂ්‍යත්වයේ අරගලය දිනන්න පුළුවන්.. 
ඉබේම සිස්ටම් චේන්ජ් වෙලා තියේවි.  

( උපුටා ගැනුමකි )

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago