දේශීය

ආණ්ඩුවක් වත් නොකරපු වැඩකට මේ සුදානම ඇරඹුම කළුතරින්

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගේ සමාජ සේවා ආයතනය වන සෙත් සරණ යටතේ ක්‍රියාත්මක

කළුතර දිස්ත්‍රික් වතු සිවිල් සමාජ සංවිධානය (plantation civil society organisations,kalutara dc) පසුගියදා මතුගම ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ මූලස්ථානයේදී පිහිටුවා ගනු ලැබුවා.

ඒ සෙත් සරණ සහකාර අධ්‍යක්ෂ රංගන ප්‍රසාත් පියතුමන් හා
දෙමළ අපොස්තු සේවා සම්බන්ධීකාරක කලුතර කලාප අගරදගුරු පදවියෙහි F.R.සෙබස්තියන් පියතුමන්ගේ ප්‍රධානත්වයෙනුයි.

සෙත් සරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක මහේෂ් ප්‍රසන්න,ව්‍යාපෘති උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී M.තිලකරාජ්, මහතා ඇතුලු කලුතර දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන රැසක ප්‍රධානීන් මීට සහභාගී වුනා.

මෙහිදී කළුතර දිස්ත්‍රික් වතු සිවිල් සමාජ සංවිධානය (plantation civil society organisations) සභාපති ලෙස උදයකුමාර්, ලේකම් ලෙස ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි මහත්වරුන් තේරී පත්වුනා.

භාණ්ඩාගාරික ධුරයට පත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයට සම්බන්ධ S.M.නිර්මලා මහත්මියයි.

ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස හින්ටන් ජයසිංහ මහතා තෝරා ගැනුනා.

මෙම ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කටයුතු p.k.රවි චන්ද්‍රන් සිදු කරන අතර,ප්‍රථම ව්‍යාපෘතිය ලෙස වතුකරයේ සිටින ගැබිනි මවුවරුන් සඳහා පෝෂණ මලු 5000 ක් ලබා දීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම වතු අධිකාරිවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහභාගිත්වයෙන් දැන් ආරම්භ කර අවසන්.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වතුකර ජනතාවගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.

ReplyForward

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

3 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

3 hours ago