කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගේ සමාජ සේවා ආයතනය වන සෙත් සරණ යටතේ ක්‍රියාත්මක
කළුතර දිස්ත්‍රික් වතු සිවිල් සමාජ සංවිධානය (plantation civil society organisations,kalutara dc) පසුගියදා මතුගම ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ මූලස්ථානයේදී පිහිටුවා ගනු ලැබුවා.
ඒ සෙත් සරණ සහකාර අධ්‍යක්ෂ රංගන ප්‍රසාත් පියතුමන් හා
දෙමළ අපොස්තු සේවා සම්බන්ධීකාරක කලුතර කලාප අගරදගුරු පදවියෙහි F.R.සෙබස්තියන් පියතුමන්ගේ ප්‍රධානත්වයෙනුයි.
සෙත් සරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක මහේෂ් ප්‍රසන්න,ව්‍යාපෘති උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී M.තිලකරාජ්, මහතා ඇතුලු කලුතර දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන රැසක ප්‍රධානීන් මීට සහභාගී වුනා.
මෙහිදී කළුතර දිස්ත්‍රික් වතු සිවිල් සමාජ සංවිධානය (plantation civil society organisations) සභාපති ලෙස උදයකුමාර්, ලේකම් ලෙස ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි මහත්වරුන් තේරී පත්වුනා.
භාණ්ඩාගාරික ධුරයට පත් කෙරුනේ ලංකා කම්කරු කොංග්‍රසයට සම්බන්ධ S.M.නිර්මලා මහත්මියයි.
ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස හින්ටන් ජයසිංහ මහතා තෝරා ගැනුනා.
මෙම ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කටයුතු p.k.රවි චන්ද්‍රන් සිදු කරන අතර,ප්‍රථම ව්‍යාපෘතිය ලෙස වතුකරයේ සිටින ගැබිනි මවුවරුන් සඳහා පෝෂණ මලු 5000 ක් ලබා දීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම වතු අධිකාරිවරුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහභාගිත්වයෙන් දැන් ආරම්භ කර අවසන්.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ වතුකර ජනතාවගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.
| ReplyForward |
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…