Sunday, June 28, 2026
Homeදේශීයමෙරට මිලියන හයක පිරිසක් ආහාර අවිනිශ්චිත භාවයෙන් පෙළෙනවා

මෙරට මිලියන හයක පිරිසක් ආහාර අවිනිශ්චිත භාවයෙන් පෙළෙනවා


     ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් මිලියන 6 කට වැඩි පිරිසක් තමන්ගේ ඊලඟ ආහාර වේල ගැන  අවිනිශ්චිත භාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙනවා.මිලියන 6.26 ක් ලෙස ගනන් බලා ඇති මෙම පිරිස ශ්‍රි ලංකාවේ  ජීවත්වෙන පවුල් දහයකින් පවුල් තුනක් වන බවයි  පැවසෙන්නේ.
රට තුළ උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනග්‍රහනයෙන්  61% ක් පමණ තමන් පාරිභෝජන කරන ආහාර ප්‍රමාණය සීමා කර තිබෙන බව සඳහන් කරන ඔවුන්මෙලෙස පීඩාවට පත් පිරිසෙන් ලක්ෂ දෙකක්  වන පිරිසක් දැඩි අවධානම් කලාපයක් ලෙස හදුන්වා දී තිබෙනවා. ආහාර උද්ධමනය, ඉන්ධන මිල ඉහළ යෑම, භාණ්ඩ හිඟය වැනි කාරණා හේතුවෙන් එම පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි  වාර්තාවෙන් සඳහන් වෙන්නේ.

READ:   වසන්ත මුදලීගේ ඇතුළු තිදෙනෙකුට රැඳවුම් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්