රට තුල උත්ගතවී ඇති ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ආයතන / රෝහල් සඳහා බල පවත්වන පරිදි වියදම් අවම කිරීම, සේවකයන් කැඳවීම, සේවය සීමා කිරීම සම්බන්ධව දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. ආයතනයේ ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් හදිසි කමිටුවක් සියලු අංශ නියෝජනය වන පරිදි පිහිටුවා. එම කමිටුවේ අධීක්ෂණය මත සේවකයන් පැමිණීම සීමා කිරිම වියදම් අවම කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් සතියක් ඇතුලත කමිටුවේ ප්‍රගතිය දැනුම් දිය යුතු බවත් ලිපියේ සඳහන් වේ.
නියෝගයේ කාරණයන් අතර
සතියක සේවයෙන් පසුව ඊලඟ සතියේ නිවාඩු ලබා දීම.
දුර බැහැර සේවකයන් හට ආයතනය අවට නවාතැන් සැලසා දීම
අධික දුර බැහැර , ගර්භනී , වයස අවු 1 ට අඩු දරුවන් සිටින, කිරි ලබා දෙන , දිගු කාලීන රෝගී.. ආදී සේවකයන් හට තම නිවසට ලඟම සේවා ආයතනයට මාරුවීමක් ලබා දීම.
ගමනාගමන මණ්ඩලයේ සහය ඇතිව රැකියාවට පැමිණීමේ පහසුකම් සලසා ගැනීම.
ආදී කරාණා අවධාරණයට ලක් කර ඇත.
ලිපය පහතින් ( උපුටා ගැනීම )
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…