Categories: දේශීය

පාලකයෝ නිදි. මෙහෙම වෙද දෙවිවරුවත් නොසිටියා නම්,ලෙඩ්ඩුන්ටත් සදාකාලික නින්දකට වැටෙන්න තිබුණා!

(ඉසුරු මුදියන්සේ ෆේස්බුක් හී තබා තිබූ සටහනකි)

මේ ඉන්නෙ මම ඇතුලු Family එක අවුරුදු ගානක් තිස්සෙ බෙහෙත් ගන්න වැලිසර ගුණසේකර මාවතේ Doctor.
මට කලින් බෙහෙත් ගන්න ආපු අම්මා, අනේ Doctor ඉක්මනින් දෙන්නම් මොකුත් හිතන්න එපා කියනවා මට ඇහුනා.
මම Dr ගෙන් ඇහුවා මොකක්ද, ඒ අම්මට ප්‍රශ්නයක්ද කියලා. මට ලොකු විස්තරයක් කිව්වෙ නැති උනත් අවසානයේ
මගෙ බල කිරීම මත dr මෙහෙම කිව්වා. මල්ලි දැන් මින්ස්සු පුදුම විදිහට අසරණ වෙලා. ඔය අම්මව මම අවුරුදු ගානක් තිස්සෙ අදුරනවා, මම දන්න තරමින් මුදල් ප්‍රශ්න තිබුනෙ නෑ.. හොදට හිටපු Family එකක අම්මා කෙනෙක්.
දැන් එයාලා කරපු business කරගන්න විදිහක් නෑ.
හොදටම වැටිලා ඉන්නෙ.
මිනිස්සු දැන් පොතට බෙහෙත් ගන්න තරමට අසරණ වෙලා,
ඒ කියන්නෙ ණය පොතට.
මම මීට පෙර දැකලා තිබ්බෙ, ගමේ කඩේ පරිප්පු ටික,
සීනි ටික ණයට ගන්න, අනේ මුදලාලි පොතට දාන්න
පඩිගත්තම බේරන්නම් කියපු මිනිස්සු විතරයි.
ඒත් දැන් ඊටත් වඩා මිනිස්සු අසරණ වෙලා.
බෙහෙත් ටිකත් ණයට ගන්න වෙලා කියන්නෙ
මාර ඛේදවාචකයක් මේක..


ඔය එක කතාවක් විතරයි, doctor ගෙ ණය පොත
ගොඩක් ලොකුයි… කදුලු කතා ගොඩයි…
ඩොක්ට මට කියනවා මනුස්සෙක් අසරණ වෙලා
මගෙ ලගට ආවම මල්ලි මට ඒ මනුස්සයට සල්ලි තියෙනවද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ නෙ..
එයා පුලුවන් දවසක සල්ලි ගෙනත් දෙයි, එතකම් මමත්
අමාරුවෙන් හරි මේ වැඩේ කරනවා…
හැබැයි ඉතිම් මිනිස්සුන්ට, එහෙම නොවී
තියෙන එකයි පුදුමේ,
Gas නෑ Petrol නෑ ඩීසල් නෑ. බස් නෑ කෝච්චි නෑ
බෙහෙත් නෑ… කෑම ඇතුලු හැමදේම ගිණි ගණන්.
කලු කඩ හැම තැනම. බහුතරයක් Treeweeler අයියලා
Hire යනවා වෙනුවට දැන් තෙල් විකුණනවා 500ට අරන් 1500ට 2000ට. තව සතියකින් නැව ආවෙ නැත්නම් 3000ට යාවි,ඒකත් sure නෑ කවලම්ද කියලා.
මේ මගුල හැමදාම කරන්න බැරි නිසා,
foot bycical එකක් බැලුවහම
5000ට තිබ්බ එක දැන් විකුණන්නෙ 50000ට🤬
පිස්සු හැදෙනවා…😕
අඩුමතරමෙ මේ දුක්ඛිත රටින් යන්න මින්ස්සුන්ට passport එකවත් හදාගන්න විදිහක් නෑ…
ඒකටත් සැතපුම් ගණන් පෝලිමේ ඉන්න ඕනෙ…
එතන Q එක අල්ලලා දෙන්න
කාක්කො talk කරනවා 10000ට. 🤨
(අර කාක්කයි මේ කාක්කයි අතර වෙනසක් නෑ..
දෙන්නම කරන්නෙ අපෙ සල්ලිවලට කොටන එක තමා)
OnLine appointment දෙන එකත් නවත්තලා දැන්..
රටින් යන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ.
ඇත්තටම, මේ පාලකයො අපෙන් මොකක්හරි පලියක් ගන්නවද කියලත් මට වෙලාවකට හිතෙනවා… මක්නිසාද
අපි හැමෝම කන්න බොන්න නැතුව මේ රටේ හිරකරලා,
මොකක්ද අප්පා මේ කරන වැඩේ තේරුම…
ප්‍රශ්නයට විසදුමක් පේනතෙක්මානෙකවත් නෑ.
නැවත් නෑ, IMF එකත් නෑ…😳
(සමහරු කියනවා තෙල් තියෙනවා.. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු එලියට බහින්න හදන නිසා තෙල් හන්ගන් ඉන්නවා
කියලා… හැබැයි එහෙම කරනවනම්
ඒක හරිම තිරිසන් වැඩක් අප්පා)
ඇත්තටම අපි හොදට කාලා ඇදලා හිටපු මිනිස්සු, සතුටින් නොවුනත් ලොකු අවුලක් නැතුව ජීවත් උනා. ඒත් දැන් අපි හැමෝම අන්ත අසරණ කරලා, හිටපු සහ වර්තමාන පාලකයො ඔක්කොම…
හැබැයි තවමත් මේ ප්‍රශ්නය නොදැනිච්ච මිනිස්සු ඉන්නවා..
ප්‍රශ්නය තමන්ගෙ නොවනතාක් පිලිතුරු දාර්ශනිකයි…
ප්‍රශ්නයට විසදුම් වෙනුවට ප්‍රශ්නයට අනුගතවෙන මිනිස්සු ඉන්නකම් අපිට මේ ගැටලුවට විසදුම් හොයන්න
ලැබෙන්නෙ නෑ…(එහෙම උනාට කමක් නෑ මේක අපිට උන ස්වාභාවික විපතක් නම්..)

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago