යුපුන් අබේකෝන් මෙම වාර්තාවට හිමිකම් කීවේ ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟයේ මීටර් 100 ඉසව්ව සඳහා ශ්‍රි ලංකා නියෝජනය වශයෙන් ඉදිරිපත්වීමෙනි. එහිදි යුපුන් අබේකෝන් මීටර් සියය තම ඉසව්ව තප්පර දහයකට අඩු කාලයකින් එනම් තප්පර 9.96 ක් කාලයකින් අවසන් කිරීමට සමත් වූවා. මෙම තරඟ අවසන් කිරීම සමඟ යුපුන් අබේකෝන් වාර්තා පොත් අතරට එකතු වූයේ මීටර් 100 නව ශ්‍රි ලංකා වාර්තාව, දකුණු ආසියාවේ එතෙක් මෙතෙක් කෙටිදුර මීටර් සියය ඉසව්වේ ඉහලම වාර්තා අගය ද හිමි ක්‍රිඩකයා ලෙසයි. ඒ සමඟ යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ ම වේගවත්ම මිනිසා බවට ද පත්වුණා.
තම තරඟ ඉසව්ව අවසන් කළ සැනින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහ උදව් කළ සැමට ස්තුතිය පුද කිරීමට ද අමතක නොකළ යුපුන් තම උපන් රටේ බලධාරීන්ගෙන් කොතෙක් උදව් ඉල්ලා ඇවටිලිකලද කිසිවිටක කිසිදු උපකාරයක් සහයෝගයක් තමන්ට නොලැබුණ බවද මතක්කර සිටියා.



