ස්ථාවර නියෝඟ අත් හිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.
ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු යැයි පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 119ක් ලැබුණි. ඒ අනුව විවාදය සඳහා ස්ථාවර නියෝග අත් හිටුවිය යුතු යැයි යන යෝජනාව පරාජයට පත් විය.
ස්ථාවර නියෝග අත්හිටුවීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ එකගතාවයක් නැතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝඟ අත් හිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබිණි. එම යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා විසින් ස්ථිර කරනු ලැබිණි.
මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ, තවදුරටත් මහජන නියෝජිතයින් තවදුරටත් නොබෙදී සිටිය යුතු බවයි. ස්ථාවර නියෝග අත් හිටුවීමේ ආණ්ඩුපක්ෂයේ එකගතාවයක් නැතැයිද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. හිටපු අග්‍රමාත්‍යවරයා අස්විය යුතු යැයි කියා උද්ඝෝෂණ කරමින් ගෙන ආ යෝජනාවද තවමත් න්‍යාය පත්‍රයෙන් අස් කර ගෙන නැතැයි ද කීය.
අවශ්‍ය නම් මෙම යෝජනාව පිළිබඳව ද ඡන්ද විමසීමක් සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…