දේශීය

ස්ථාවර නියෝග අත් හිටුවිමේ යෝජනාව පරාජයට පත් වෙයි

ස්ථාවර නියෝඟ අත් හිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය.

ස්ථාවර නියෝග අත්හිටුවිය යුතු යැයි පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 119ක් ලැබුණි. ඒ අනුව විවාදය සඳහා ස්ථාවර නියෝග අත් හිටුවිය යුතු යැයි යන යෝජනාව පරාජයට පත් විය.

ස්ථාවර නියෝග අත්හිටුවීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ එකගතාවයක් නැතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝඟ අත් හිටුවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබිණි. එම යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා විසින් ස්ථිර කරනු ලැබිණි.

මෙම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ, තවදුරටත් මහජන නියෝජිතයින් තවදුරටත් නොබෙදී සිටිය යුතු බවයි. ස්ථාවර නියෝග අත් හිටුවීමේ ආණ්ඩුපක්ෂයේ එකගතාවයක් නැතැයිද දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. හිටපු අග්‍රමාත්‍යවරයා අස්විය යුතු යැයි කියා උද්ඝෝෂණ කරමින් ගෙන ආ යෝජනාවද තවමත් න්‍යාය පත්‍රයෙන් අස් කර ගෙන නැතැයි ද කීය.

අවශ්‍ය නම් මෙම යෝජනාව පිළිබඳව ද ඡන්ද විමසීමක් සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago