පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපළ අහිමි වූ සියලු පාර්ශ්වවලට සාධාරණය ඉටු කිරීම සිය ප්‍රමුඛ කාර්යය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඊයේ (16) සිය රාජකාරි ආරම්භ කළ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව වැඩ භාර ගැනීමේ ලිපිය ඇමැතිවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දුන්නේය.
ප්‍රසන්න රණතුංග මහතා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ ද ප්‍රධාන සංවිධායක ධුරය හෙබවීය. එම ආණ්ඩුවේ සංචාරක හා මහජන ආරක්ෂක ඇමැති ධුර හෙබ වූ රණතුංග මහතා නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ලෙස පසුගියදා පත් කරන ලදි.
නුවන් කොඩිකාර – දිනමිණ


