දේශීය

තවත් රාජපක්ෂ කෙනෙක්ට ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක්වත් වෙන්න බෑ- අගමැති රනිල්

අද පවතින තත්ත්වය හමුවේ නැවතත් රාජපක්ෂ පවුලේ කිසිවෙකුටවත් ජනපති වීමට තියා මන්ත්‍රීවරයකුවත් විය නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බීබීසී සිංහල සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ඔහු පැවසුවේ ඔහුව මෙම තනතුරට පත් කළේ නැවතත් රාජපක්ෂ පවුලේ සාමාජිකයකු මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් වන තෙක් ඔවුන්ගේ තනතුර රැක ගැනීමට බවට එල්ලවන චෝදනාවන්ට පිළිතුරක් වශයෙනි.

“ඔබ හිතනවාද තවත් රාජපක්ෂ කෙනෙක්ට එන්න පුලුවන්ද කියලා ජනාධිපති තියා මන්ත්‍රීවරයෙක් වෙන්න.”

ඔහු චෝදනා කළේ රටේ මාධ්‍ය ආයතන රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වීරයන් කළ බවයි.

“ඒ ගොල්ලන්ව ගෙනාවේ මාධ්‍ය, ඉතින් මාධ්‍යයෙන් ගිහිල්ලා අහන්න මම ගෙනාවේ නෑ. ගිහින් ලංකාවේ මාධ්‍යයෙන් අහන්න ආපහු ගෙනාවද නැද්ද කියලා. ඔබ මොකද මං දිහා බලන්නේ මම කරපු වැරැද්දක් නෙමෙයි.”

“මම ඒගොල්ලන්ට විරුද්ධව නඩු දැම්මා 380ක්, මම හිතන්නේ ලිපිගොනු තුන්සිය ගණනක් කළා. එත් මම නෙමෙයි මේගොල්ලෝ වීරයෝ කිව්වේ. මේ ගොල්ලෝ යන්න ඕන කිව්ව කියලා මට කියන්න එක මාධ්‍ය නාලිකාවක්. මේ ගෝඨා ට ඡන්දය දෙන්න එපා කිව්ව එක නාලිකාවක්. ඉතින් කරුණාකරලා ඒගොල්ලන්ගෙන් ගිහින් අහන්න,” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

සමාජ මාධ්‍ය මේ බව පැවසූ බව සඳහන් කළ අවස්ථාවේදී අගමැතිවරයා පැවසුවේ “සමාජ මාධ්‍ය බහුතරක් හිටියේ ගෝඨා එක්ක. සමාජ මාධ්‍යත් බහුතරයක් හිටියේ ගෝඨා එක්ක.මෙයා දේශපාලනඥයෙක් නෙමෙයි. මෙයා පිට පුද්ගලයෙක්.ඒ නිසා මෙයාට ඡන්දය දෙන්න කියලා කවුරුවත් හිටියේ නෑ. මම මොකද්ද කළේ මම කිව්ව බිලියන හතක ඕන කියලා මේ අවුරුදු දෙකට. මම ගිහිල්ලා කිව්වහම කිව්වා, බොරුකාරයා, බටහිරට යනවා, අයි. එම්. එෆ් කාරයෝ කියලා.”

“මාධ්‍යයි, සමාජ මාධ්‍යයි මාව නැති කළා. ඉතින් අන්තිමට මම කියපු එක හරිගියා. ඉතින් මගෙන් අහන්න එපා මම මොනවාද කළේ කියලා. මේ ඔක්කොම මම නෙමෙයි ඇතිකළේ. ඒගොල්ලෝ ආපහු බලයට ගෙනාවේ, මේ නඩු බොරු කියලා කිව්වේ මාධ්‍යය. ඉතින් මාධ්‍යයෙන් අහන්න ඕන ප්‍රශ්නයට ඔයා බයයි මාධ්‍යයෙන් අහන්න. ඒ වෙනුවට මගෙන් අහනවා. කරුණාකරලා අහන්න මාධ්‍යයෙන් අපහු ගිහින්. ඔයගොල්ලෝ ආයිත් මේගොල්ලෝ වීරයන් කරනවද නැද්ද කියලා. එච්චරයි අහන්න තියෙන්නේ වෙන එකක් මගෙන් අහන්න එපා. මම උදව් කළේ නෑ එක්කෙනෙක්ටවත්.”

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

10 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

10 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

10 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

10 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

11 hours ago