දේශීය

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳන්න අමෙරිකාව-බ්‍රිතාන්‍යය-චීනය ඉන්දියාව-ජපානය ඇතුළු රටවල් රැසකින් අන්තර්ජාතික සංසදයක්

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා මූල්‍යාධාර දීම වෙනුවෙන් අන්තර්ජාතික සංසදයක් ස්ථාපිත කිරීමට අමෙරිකාව, චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් රැසක අවධානය යොමුව තිබේ. ජපානය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන රටවල් මේ පියවර ගෙන තිබෙන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ගත හැකි සහයෝගය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අද (14) ජපානයේ ටෝකියෝ නගරය බලා පිටත්ව යෑමට ද නියමිතය.

ශ්‍රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ජපාන තනාපති මිෂුකොෂි හිඩෙකි, අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලී චංග්, චීන තනාපති ෂියන් ලියන් යන මහත්ම මහත්මීන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පැවැත්වූ සාකච්ඡාවලදී මේ බව අනාවරණය විය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවලදී ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ද මහ කොමසාරිස්වරයා එකඟ විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය දීමට ද ජපාන තනාපතිනිවරයා ප්‍රතිඥා දුන් බව අගමැති මාධ්‍ය අංශය කියයි.

ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා පිටත් වන බව ද ජපාන තානාපතිවරයා සඳහන් කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපකාර කිරීම සඳහා වෙනත් විදේශීය රටවල්වල සහාය ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇත. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද තානාපතිවරිය සමඟ සාකච්ඡා කළ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම ඔහුගේ පළමු පියවර වෙතැයි අපේක්ෂා කරන අමෙරිකානු තානාපතිනිය අනිතර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සිදුවන ගණුදෙනු යථාවාදී ලෙස සිදු කර ශ්‍රී ලාංකිකයන් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාසය පළ කරයි. චීන තානාපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දැක්වීමට තම රටේ කැමැත්ත ප්‍රකාශ කළ අතර, මෙරට දී ඇති ආධාර සමාලෝචනය කිරීමට ද ප්‍රතිඥා දුන්නේය. නැවත එක්සත් රාජධානියට පිටත්ව යෑමට පෙර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය සමඟ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනය ඔස්සේ කතා කළ අතර, ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ බ්‍රිතාන්‍ය රජය දැනුම්වත් කිරීමට නියමිත බව ද ප්‍රකාශ කළාය.

මහින්ද අලුත්ගෙදර (Dinamina)

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 hour ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago