Friday, April 24, 2026
Homeදේශීයවිප්ලවයේ අවසානය කුමක්ද? වික්ටර් අයිවන්

විප්ලවයේ අවසානය කුමක්ද? වික්ටර් අයිවන්

එකලොස් වනදා වන විට රට තිබුනේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජක තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුනු තත්වයකය.දොලොස් වනදා අග මැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිෂ්චිත තත්වය ඉදිරියේ අලුත් බලා පොරොත්තු ඇති කරන සන්සිද්දියක් ලෙස ක්‍රියා කලේය අගමැති ධූරයට පත් රණිල් වික්‍රම සිංහ අලුත් කෙනෙකු නොවේ.හොදටම පරන කෙනෙකි.ඔහු මේ ධුරයට පත්වන හයවන අවස්තාව වන අතර සමහර විට එම විෂයේදී තබන නව ලෝක වාර්ථාවක් ද විය හැකිය.ඔහුට එරෙහිව එල්ල කල හැකි බොහෝ විවේචන තිබුනද වර්තමානයේ පාරිලිමේන්තු නියෝජිතයින් අතර සිටින දැනුමෙන් හා පල පුරුද්දෙන් ද ජාත්‍යන්තරය සමග වැඩ කිරීමටක්තිබෙන හැකියාව අනුවද ඉදිරියෙන්ම සිටින කෙනා ලෙසද සැලකිය හැකිය.ඔහු රටේ ජනයාගේ අප්‍ර සාදයට ලක්ව සිටින පාලක පක්ෂයක අනුග්‍රහය මත එම තන්තුරට පත්වීම ඔහුට ලැබෙන වැදගත් කම දුර්වල කරන සාධකයක් ලෙස සැලකිය හැකිය.එහෙත් දැන් තිබෙන පාර්ලිමේන්තුවේ සන්‍ යුතිය අනුව ඔහු පමනක් නොව වෙනත් ඕනැම කෙනෙකුටද ( සජිත් ප්‍රේමදාසට, කරු ජයසූරියට හෝ ආණ්ඩු පක්ෂයෙන් පිටස්තර ඕනැම කෙනෙකුට) එම තනතුරට පත්විය හැක්කේ ආණඩු පක්ෂයේ අනුග්‍රහය ඇතිව පමණය.විරුද්ද පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැතිකම බාරගැනීමට ආරදනා කල අවස්තාවේදී ඔහු එය බාර ගනිමින් තමන් පිහිටුවන ආණ්ඩුවේ මුදල් ඇමති කම තමන් ගේ පරන නායක රනිල් වික්‍රම සිංහට බාරදුන්නේ නම් එය ඉතාමත් වර්ණ වත් දෙයක් වන්නට ඉඩ තිබුනා සේම රනිල්ට අගමැති කම ලැබීමෙන් පසු සජබෙ ඔහුට සහාය පලකරන පිලිවෙතක් අනුගමනය කළේ නම් එය ද ඉතා වර්න වත් දෙයක් වන්නට ඉඩ තිබුනි.

මෙම දුෂ්කර අවස්තාවේදී රට වඩා වැදගත් කොට සැලකිය යුතුව තිබුනේ රනිල්ට බාරදී තිබෙන සීමිත කාර්‍යබාරය( ගෙවුම් ශේෂ අර්බුදයෙන් පීඩා විඳින මහජයාට අවශ්‍ය සහනද ලබා දෙමින් ගෙවුම් ශේෂ ප්‍රස්නය විසඳා ගැනීමට අවශ්‍ය සක්තිමත් පදනමක් ඇති කරමින් ඉකමනින් පවත්වන්නට අපේක්ෂා කරන මැතිවරනය තෙක් රට පාලනය කිරීමය) ඵලදායි ලෙස ඉටු කිරීමේ හැකියාව ඔහුට තිබේද යන ප්‍රස්නයයි.එහෙත් රටේ උගත් මහජනයා වඩා වැදගත් කොට සලකන බව පෙනෙන්නේ ඔහුට තිබෙන එම හැකියාව නොව ප්‍රස්නයට අදාල නැති අනන් මනන් දේවල්‍ ය.ගෙවුම් ශේෂ ප්‍රස්නය විසඳනාවාටත් වඩා දුෂ්කර වනු ඇත්තේ අන් හැම ආකාරයකින් පමනක් නොව සිතුම් පැතුම් වලින්ද අරාජක වී සිටින දැන උගත් මතවාදි සමාජයෙන් එල්ල වී තිබෙන එම අභියෝගය ජයගැනීමට අගමැති රනිල් ට පුලුවන්ද යන ප්‍රස්නයයි.එය ඔහුට පමණක් එල්ලවන අභියෝගයක් නොව මේ මොහොතේ එම තනතුරට පත්වන වෙනත් ඕනැම පුදගලයෙකුට ( සජිත්ට, කරු ජයසූරියට, සරත් ෆොන්සේකාට, අනුර කුමාර දිසානායක හෝ වෙනත් ඕනෑම කෙනෙකුට) මුහුණ දෙන්නට සිදුවන අභියෝගයක් ලෙසද සැලකිය හැකිය.ලංකාවේ මේ මොහොතේ උගත් මතවාදි සමාජ මනසේ රජකරන මෙම අරාජක තත්වය තුළ වැඩි යෙන්ම විය හැකි දේ රට මහා විනාශයකට තල්ලුවී යාමය.සමහර විට ලන්කාවේ සමාජයට තර්කානු කූලව කරුනු සලකා බැලීමේ නුවන පහලවනු ඇත්තේ ද දැන් තිබෙන කාල කන්නි තත්වය ඉක්මවා උපරිම කාලකන්නි තත්වයකට පත් වීමෙන් පසුව විය හැකිය.

READ:   නිවසක් තුල අවි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

” ගෝටා ගෝ හෝම් ” කියන ජනප්‍රිය සටන් පාඨය මෙම අර්බුද කාලයේදී ලංකා වේ සමාජ දේසපාලන මනසේ තිබෙන අවුල් සහගත හා විවස්ථා විරෝදි බාවයේ තරම පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කල හැකි හොඳ නිදසුනකි.78 විවස්තාවෙන් ආණ්ඩු ක්‍රම සකස් කර තිබෙන්නේම ජනාධිපති පාලනය දෝෂාහියෝගයක් මගින් හෝ ජනාධිපති වරණයකදී හැර අතර මැදි අවස්තාවකදී පරාජය කළ නොහැකි ආකාරයටය.ආණ්ඩුවේ අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරි පත්වන විස්වාස බංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය වන අවස්තාවකදී පවා ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාව සිටිය දීත් එම විස්වාස බංගය ඔහු කෙරෙහි බලපාන්නේ නැත.බලපාන්නේ අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය කෙරෙහි හා දුර දිග ගිය අවස්තාවකදී ඊට අතිරේකව පාර්ලිමේන්තුව කෙරෙහිත් පමණය.ජනාධිපති තනතුරේ සිටියදී තනතුරෙන් පහකිරීම සඳහා යොදා ගත හැකි එකම විවස්ථානු කූල ක්‍රමය වනුයේ ජනාදිපති වරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරි පත් කිරීමය.ඒ සඳහා ඇතිකර තිබෙන ප්‍රතිපාදන අනුව දෝෂාභියෝගයක් ජය ගැනීම ඉතා දුෂකර වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනු මැතියක්ද අත්‍යාවශ්‍ය ය.තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාදිපති ගෙන් ඉල්ලා සිටිය හැකි වුවත් ඉතාමත් සදාරන හේතු ඇතිව ඉතා ප්‍රභල ලෙස එම ඉල්ලීම ඉදිරි පත් වී තිබෙන අවස්තාවකදී පවා එය බාරගැනීමට ජනාධිපති විවස්තානුකූලව බැඳී නැත.කැමති නම් ඔහුට තන තුරෙන් ඉල්ලා අස්විය හැකිය.එහිදීත් නව ජනාදිපත්වරයා තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව විසින් හා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන දේසපාලන කණ්ඩායම විසිනි.විවස්ථාවෙන් ඇතිකර තිබෙන මෙම ප්‍රතිපාදන වලින් පරිබාහිරව ජනාදිපති ගෙදර යවන්න දරන ප්‍රචන්ඩ හෝ සාමකාමි උත්සහායක්සැලකිය හැක්කේ විවස්තාවට පටහැනි ” විප්ලවයක් ” ලෙස ය.ඒ සඳහා දරන අති විශාල ප්‍රභල උත්සහයකින් සමහර විට අවසානයේ ජනාධිපති පරාජය කිරීමට හැකි විය හැකි වුවත් ඒ නිසා රටට උරුමවන්නේ බැංකු ක්‍රමය බිඳ වැටුනු, රටේ ආයතන ක්‍රමය බිඳ වැටුනු, දුප්පත් කම හා සාගින්න රජයන, උපරිම මට්ටමකට අරාජකවූ කාලකන්නි රටක් නම් එම විප්ලවයේ ඇති ඵලය කුමක්ද?

READ:   පගාව එපා කී සැරයන්වරයාට තෑගී

මෙම තරුන නැගිටීම ඇතිවූ ආරම්භයේ සිටම මගේ ඉල්ලීම වුයේ අරගලය විවස්ථාපිත මාර්ගයකට යොමු කරගත යුතු බවය.මා මගේ ලේඛන වලින් හා වීඩියෝ කථා මගින් එම ඉල්ලීම කළේ නැඟිටීමේ සිටි තරුණයින්ගේ දැන ගැනීම සඳහාට වඩා කිසියම් ප්‍රමානයකට හෝ එම තරුනයින්ගේ උපදේශකයින් බවට පත්ව සිටි උගත් වැඩි හිටියන් ගේ දැන ගැනීම සඳහා ය.එහෙත් ඔවුන් අරගලයේ සිටි තරුනයින්ට ස්තුති පූර්වකව කීවේ ඔවුන් තෝරාගත් මාර්ගය හරි බවය.අරගලය අත නෑරම ඉදිරියට ගෙනයන ලෙස ඔවුන් එම තරුන පරපුරෙන් ඉල්ලා සිටියේය.ඔවුන්ගේ ප්‍රදාන ඉල්ලීම විවස්තාවට පට හැනි බව හා එය අහිංසාවාදි ලෙස වුවත් බලහත් කාරි ලෙස දිනා ගන්නට දරන උත්සහයක් ඇති කළ හැකි විනාශ කාරි ප්‍රති ඵල ගැන ඔවුන් දැනුවත් කිරීමක් කල බවක් පෙනෙන්න්ට නැත.කොයි කාගෙන් වුවද ඉල්ලා සිටිය යුත්තේ දිය හැකි දෙයක් මිස ” බෙල්ල” වැනි දිය නොහැකි දෙයක් නොවේ.තරුන නැගිටීම උච්චම තත්වයකට පත්වූ අවස්තාවේදී ” ගෝථා ගෙදර පල” යන ඉල්ලීම වෙනුවට රටට අවශ්‍ය ප්‍රතිස්ංස්කරන ඉල්ලා සිටින තැනකට ගියේ නම් එම ප්‍රතිස්ංස්කරන ඉල්ලීම දිනා ගත හැකිවන්නට ඉඩ තිබුනි.නීතියට ඉහලින් සිටින ජනාධිපති නීතියට යටත් තත්වයකට ගැනීමට අවශ්‍ය විවස්ථා සන්සෝදනයකට ජනාධිපති එකඟ කර ගත හැකි නම් එය සපුරා ගැනීමට පහසු නැති”ගෙදර පල” කියන සටන් පාඨයට වඩා අර්තවත් නැද්ද? දැන්වත් එම තරුණ පරපුර දිනාගැනීම ඉතා දුෂ්කර,දිනාගත්තත් ඒ වෙනුවෙන් නොවටිනා තරමේ වන්දියක් ගෙවන්නට සිදුවන එම සටන් පාථය අත් හැර” ක්‍රමයේ ගැබුරු වෙනසක් ඇති කිරීමට හේතුවන” ප්‍රති සංස්කරන ඉල්ලීම් මාලාවක් ඉදිරියට ගන්නේ නම් එය ප්‍රායෝගිකව දිනාගත හැකි දෙයක් බවට පත් කල හැකිය.ඔවුන් ගේ ප්‍රබල නැගිටීම රටට යහපත් ප්‍රතිපල ඇති කල නැගිටීමක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේද එවිට ය.

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්