අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මුල්‍ය ආධාර සඳහා විදේශ සංසදයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කළේය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. කාර්ය මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා ලෙස තමාගේ ඒකායන අරමුණ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම බවය.
අග්‍රාමාත්‍යවරයා ඉන්දිය මහා කොමසාරිස් Gopal Bagley .ජපාන තනාපති Mizukoshi Hideaki. ඇමරිකා එක්සත් ජනපදය තානාපතිනි Julie J. Chung සහ චීනය තනාපති (Qi Zhenhong )යන රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ මූලික සාකච්ඡා පැවැත්වීය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවල දී ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට මහ කොමසාරිස්වරයා පොරොන්දු විය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට ද ජපාන තනාපතිනිවරයා ප්‍රතිඥා දුන්නේය. ශ්‍රී ලංකා පිලිබද සකච්චා කිරීමට තමන් ටෝකියෝ නුවර බලා හෙට පිටත් වන බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උපකාර කිරීම සඳහා වෙනත් විදේශීය රටවල්වල සහාය ලබා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරුන් දෙදෙනාම සාකච්ඡා කළහ. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අගමැති වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද තානාපතිවරිය සමඟ සාකච්ඡා කළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.
චීන තානාපතිවරයා, අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දැක්වීමට තම රටේ කැමැත්ත ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර සමාලෝචනය කිරීමට ද ප්‍රතිඥා දුන්නේය.
නැවත එක්සත් රාජධානියට පිටත්ව යාමට පෙර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය සමඟ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඔස්සේ කතා කළ අතර, ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට නියමිත බව කීය.
මේ අතර හිටපු අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වෙනම හදිසි රැස්වීමක් පැවැත්විණි. රට තුළ පවතින බලශක්ති අර්බුදය සහ මහජනතාව මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…