එළඹෙන මැයි 23 වනදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.
විභාග කොමසාරිස්වරයා පැවසුවේ, විවිධ සමාජ මාධ්‍යයන්හි මෙම විභාගය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කෙරෙන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ , අදාළ විභාග ප්‍රවේශ පත්‍ර දරුවන් වෙත යැවීම සම්බන්ධයෙන් තැපැල්පතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති බවයි. ඒ් අනුව ඉදිරියේදී එම ප්‍රවේශ පත්‍ර දරුවන් වෙත යැවීමට කටයුතු කරනු ලැබේ.
තමා මේ මොහොතේ ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමග විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව පැවසූ විභාග කොමසාරිස්වරයා , ඊයේ දිනයේදී ද සියළුම පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමග විභාගය පැවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, අදාළ උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.ඒ් අනුව ඉදිරි සතිවලදී , අදාළ ප්‍රශ්න පත්‍ර නියමිත පරිදි එම මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කිරීමට කටයුතු කරනු ලැබේ.
ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන සේවයේ සියළුම වෘත්තීය සමිති නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ , දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම විභාගය නියමිත පරිදි පැවැත්වීම සඳහා සහාය ලබා දෙන ලෙසයි. රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හේතුවෙන් 2021 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි විය. දරුවන්ගේ අනාගතය ආපස්සට ඇද නොදමමින් , වසරක් ප්‍රමාද වූ මෙම විභාගය නියමිත පරිදි පැවැත් වීම සඳහා සහාය ලබා දෙන්නැයි වීභාග කොමසාරිස්වරයා සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…