දේශීය

මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණයට විධිමත් වැඩපිළිවෙලක්

මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණයට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳ කෝපා (COPA) කමිටුවේ අවධානය

මන්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳ කෝපා (COPA) කමිටුවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ බලශක්ති අමාත්‍යාංශයේ 2018, 2019 සහ 2020 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරීක්ෂාකිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතායි.

2016 වර්ෂයේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සොයාගෙන ඇති දත්ත අනුව මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5 ක් පමණ සහ ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන 5ක් පමණ පවතින බවත් එය වසර 60 පමණ අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් බවත් එදින පැමිණ සිටි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා සඳහන්කොට තිබුණි. එසේම එය රටේ විදුලිබල සැපයුම කිලෝවොට් 1130 දක්වා වැඩිකිරීමට යොදාගත හැකි බවත් ස්වභාවික වායු නිපදවීම තුළින් වසර 25ක් තුළ රටට විවිධ අංශ වලින් ඩොලර් බිලියන 200 ක පමණ වාසියක් සැලසෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන්කොට තිබුණි.

නමුත් මෙම බිම් කොටසේ ගවේෂණ කටයුතු සිදු කිරීම හෝ හදුනාගත් නිධි දෙකෙහි වායු වාණිජමය වශයෙන් නිපදවීම මගින් රටට විවිධ අංශ වලින් ලබාගතහැකිව තිබූ අදායම ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම පිළිබඳව මෙහිදී කෝපා කමිටුව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. මෙහිදී පැමිණසිටි නිලධාරීන් සඳහන් කළේ මේ සඳහා විශ්වාසනීය ආයෝජකයෙක් සොයාගැනීමට අපහසු වී ඇති බවයි. එසේම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ සේවක සංඛ්‍යාවද ප්‍රමාණවත් නොවන බවයි.

එසේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය හා පුළුල් කිරීම හා නව පිරිපහදුවක් ඉදිකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ සපුගස්කන්ද භූමියේම නව තෙල් පිරිපහදුවක් සකස් කිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කොට ඇති බවයි. මේ අනුව මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කළේය. තවද කාර්යමණ්ඩලයේ පුරප්පාඩු පිළිබඳව සාකච්ඡා කිරීම සහ මෙරට දෛනික තෙල් අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාක්ච්ඡා විය.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

21 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

21 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago