රී ලංකා රජය යොමු කළ ඉල්ලීමකට අනුව, 2022 මැයි 05 වැනි දින ඩකා නුවර පිහිටි පද්මා රාජ්‍ය සංචාරක මන්දිරයේ පැවති චාම් උත්සවයක දී බංග්ලාදේශ රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙලෙස පරිත්‍යාග කරන ලද වෛද්‍ය සැපයුම් තොගය බංග්ලාදේශ ටකා 200 ක වටිනාකමින් යුක්ත වන අතර, එය ඇ. ඩො. මි. 2.32කට සමාන වේ.
බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමන් මහතා, සෞඛ්‍ය අමාත්‍ය සහිඩ් මලේක් මහතා සහ බංග්ලාදේශ ඖෂධ කර්මාන්ත සංගමයේ (BAPI) සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නස්මුල් හසන් මහතා ඉදිරියේ බංග්ලාදේශ රජය විසින් ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මහතා වෙත මෙම පරිත්‍යාගය භාර දෙන ලදී.
බංග්ලාදේශයේ විදේශ ලේකම් මසුඩ් බින් මොමන් මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අබුල් බෂාර් මහතා, ඖෂධ පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මොහොමඩ් මහබුබර් රහ්මාන් මහතා, බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ. මෙම වෛද්‍ය සැපයුම් තොගය ඩකා-කොළඹ දක්වා දෛනිකව ක්‍රියාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ප්‍රවාහනය කරනු ලැබේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 50 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරන බැවින්, මෙම කර්තව්‍ය දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…