දේශීය

ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනයට ඩොලර් මිලියන 44ක ණයවර ලිපි

ඖෂධ හා ශල්‍ය උපාංග ආනයනය කිරීමට අදාළව ඩොලර් මිලියන 44ක් වටිනා ණයවර ලිපි විවෘත කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර අමෙරිකන් ඩොලර් මිලියන 19.2ට අදාළව ඖෂධ වර්ග 186ක් සඳහාත්, යූරෝ 175000කට අදාළව ඖෂධ හා ශල්‍ය උපකරණ 12ක් ගෙන්වීමටත්, ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.7කට අදාළ ඖෂධ ශල්‍ය උපාංග සහ වෛද්‍ය පාරිභෝජක ද්‍රව්‍ය 73ක් සඳහා මේ වන විටත් ණයවර ලිපි විවෘත කර තිබේ.

එසේම ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග101ක් එළැඹෙන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතව ඇති අතර ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙන් එම ඖෂධ මෙරටට ගෙනු එනු ලැබේ.

ඉන්දීය රජයද රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය පරිත්‍යාගයක් සිදුකර ඇත. එම ඖෂධ තොගයද සතියක් ඇතුළත මෙරටට ලැබීමට නියමිතව තිබේ.

තව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.37ක් වටිනා වෛද්‍යාධාර හා තායිලන්ත රජයෙන් රුපියල් මිලියන 340ක් වටිනා වෛද්‍යාධාර මැයි මාසයේ පළමු සතියේදීත් මෙරටට ලැබීමට නියමිතව තිබේ. සිංගප්පූරු රතු කුරුස සංවිධානය ද ශ්‍රී ලංකා රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක් ලෙස සපයන බව තහවුරු කර ඇත.

ඩොලර් සහ අනෙකුත් විදේශ මුදල් ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කිරිමට අදාළව ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකිව තිබිණි.

රන්මලී සෝමසිරි – dinamina

Recent Posts

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

2 weeks ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

2 weeks ago

ගල් අගුරු හොදද නැද්ද බලන්න මම කාලා බලන්නේ නැහැ ඒක කරන්නේ පරීක්ෂණාගාරවල නියමිත විදියට, ජනපති අනුර කුමාර දිසානායක

අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…

3 weeks ago

මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…

4 weeks ago

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බයයි – ට්‍රම්ප්

ඉරාන නායකයින් සාකච්ඡාවලට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති…

4 weeks ago

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන්…

1 month ago