අද දින ඉතාලියේ වතිකාන් කාදිනල් ප්‍රියෙට්‍රෝ පැරලින් (Cardinal Secretary of State of Vatican City) උන්වහන්සේ සමග විශේෂ සාකච්ඡාවකට මා සහභාගී වූ අතර එම සාකච්ඡාවේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලනිකමය සහ ආර්ථිකමය අර්බුදය පිළිබඳවත් වගේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 3ක් ගතවීමට නියමිත වූවද තවමත් එම ප්‍රහාරයෙන් මිය ගිය සහ ඉන් බලපෑමට ලක්වූ වින්දිතයන් හට සාධාරණයක් ඉටු වී නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. මාගේ දින දෙකක මෙම වතිකානු සංචාරයේදී උන්වහන්සේව මුණ ගැසීමට විශේෂ හේතුව වනුයේ අනාගත රජයක් තුළ ජනාදිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනසතු කරලීමටත් එහි තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් වගේම අපක්ෂපාතී නිර්පාක්ෂික පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමත් වගේම රටේ තිබෙන නීති රාමුව තුළ නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඬුවම්දීමත් යන කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් උන්වහන්සේ සමග එහිදී සාකච්ඡා කෙරුණි. -වෛද්‍ය කාව්න්ද ජයවර්ධන
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…