දේශීය

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල කරමින් පොලිස්පතිට ලිපියක්..

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබෙනවා. පහත දැක්වෙන්නේ එම ලිපියයි

2022 අප්‍රේල් මස 02 වැනි දා
 
චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,

භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සහ ඔබගේ පක්ෂග්‍රාහී හැසිරීම සම්බන්ධවයි
 
මිරිහාන පොලිස් වසමේ දී මාර්තු 31 වැනිදා සවස පැවැති සාමකාමී විරෝධතාවයට ශ්‍රී ලංකා පොලිසියෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායෙන් සහ යුද හමුදාවෙන් යෙදවා කඳුළු ගෑස් ගැසීම, වෙඩි තැබීම සහ පහරදීම සිදු කිරීමත්, පිරිසක් අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියේ රඳවා තබා ගනිමින් අමානුෂික ලෙස පහරදීමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර ඒ සම්බන්ධයෙන් වහාම සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමු.

මෙම සාමකාමී විරෝධතාවය අතරතුර යුද හමුදා බස්රථයට ගිනි තැබීම පොලිසියේ/හමුදාවේ/ ආරක්ෂක අංශවල හෝ ඔවුන්ගේ ආශිර්වාදය සහිතව සිදුවූවක් බවට ඊයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු රැසක් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළහ.

තනි පුද්ගලයකු ගොස් බස් රථයට ගිනි තබද්දී පොලිසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම බුද්ධි අංශය එය වලක්වා නොගෙන ගිනි තැබීමට ඉඩදී බලා සිටීම බරපතල තත්ත්වයක් වන අතර සාමකාමී උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම සඳහා එලෙස කළ බවට අපි විශ්වාස කරමු.

මෙම සාමකාමී විරෝධතාව ආවරණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් ද ඇතුළව පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ පහර දීමෙන් පසු අප්‍රේල් පළමු වැනිදා අලුයම මිරිහාන පොලිස් ස්ථානයට ගෙනැවිත් පහර දෙන බවට අපට තොරතුරක් ලැබිණි. ඒ අනුව අලුයම 3.56ට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ලිපියක් යවමින් ඔබට පිටපතක් යොමු කළෙම. කොමිසමේ හදිසි ඇමතුම් අංකයටද දැනුම් දුන්නෙමු. එසේ තිබියදී පොලිසිය විසින් ඔවුන්ට පහර දී උදෑසන 11 පමණ වන තුරු වෛද්‍ය ප්‍රතිකාරවත් ලබා නොදී තබා ගැනීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි.

මෙම සිදුවීම් මාලාවට අදාලව පුරවැසියන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම තවත් මූලික අයිතිවාසිකම් රැසක් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති අතර එලෙස කටයුතු කරමින්

01) මිරිහාන පොලිස් ස්ථානය තුලදී පුද්ගලයන්ට පහරදීම සම්බන්ධයෙන් සහ එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එදින රාත්‍රී මිරිහාන පොලිස් ස්ථානයේ සිටි සහ එය අධීක්ෂණය කළ නිලධාරීන් ද, 

02) සාමකාමී උද්ඝෝෂණය කඩා කප්පල් කිරීම සඳහා පහර දුන් පොලිස් සහ හමුදා සාමාජිකයන්ද, පහරදීමට නියෝග කළ උසස් නිලධාරීන් ද, පහරදීම අධීක්ෂණය කළ නිලධාරීන් ද, 

03) බස් රථය ගිනි තැබීමට ඉඩ දී බලා සිටි පොලිස්, හමුදා සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද,

විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමු.

මීට පෙර ඔබ වෙත කළ ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිම විමර්ශනයක් සිදු කර නැති පසුබිමක, ජනතාවගේ ආරක්ෂකයා විය යුතු රටේ පොලිස්පතිවරයා ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන පිරිස් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අතර,  පවතින තත්ත්වය තේරුම් ගනිමින් මින් ඉදිරියට හෝ ජනතා අයිතිවාසිකම් මර්දනය කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.
 
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
 
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
web.yjasl@gmail.com
 
පිටපත්
සභාපති – HRc

Recent Posts

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

5 hours ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

5 hours ago

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

2 days ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

2 days ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago