දේශීය

පාස්කු ප්‍රශ්නය අරන් වතිකානු ගිය කාවින්ද පාප් වහන්සේ මුණ ගැසේ

ශුද්ධවූ සභාවේ එඩේරාණන් වන අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ අද දිනයේ මුණගැසුණු අතර උන්වහන්සේ වෙත ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දේශපාලනික, ආර්ථිකමය ගැටලූ පිළිබඳව සහ අවුරුදු තුනකට ආසන්න පාස්කු ප්‍රහාරයට ලක්වී වේදනාවෙන් සිටින වින්දියන්ට සාධාරණත්වයක් ඉෂ්ට නොවීම පිළිබඳවත් වගේම ඒ පිලිබදව වර්තමාන තත්ත්වය පිළිබඳවත් පුළුල් විග්‍රහයක් කිරීම සඳහා වූ සංදේශයක් උන්වහන්සේට ලබාදීමට අද දින හැකියාව ලැබිණි. මෙහි විශේෂත්වය වන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අවුරුදු තුනකට පසුව ශ්‍රී ලාංකීය දේශපාලඥයෙකු මුණගැසූ පළමු අවස්ථාව මෙය වීමයි. ඊට මා සමග නීතිඥ එරංග වැලිඅංගේ මැතිතුමාද සහභාගී විය. එමෙන්ම අති උතුම් ෆැන්සිස් පාප් වහන්සේගේ ලේකම් (Don Fabio Salerno) උන්වහන්සේ සමග මීට දින දෙකකට පෙර මුණගැසී දීර්ඝ සාකච්ඡාවක යෙදුණි. අප රටේ පවතින ආර්ථිකය වශයෙන් ගොඩගැනීමට අවශ්‍ය කරන මගපෙන්වීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දියන්ට සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාද වතිකානුවේ අවධානය යොමු කිරීමේදී උන්වහන්සේලාගේ සහයෝගය සහ මගපෙන්වීම බලාපොරොත්තු වෙන බව අප ප්‍රකාශ කරන ලදී. එමෙන්ම උන්වහන්සේලාගේ මැදිහත්කම තවදුරටත් අපට ලබාදීම සදහා උන්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ සමග සාකච්ඡා කරන බව සදහන් කරන ලදී.

  • දොස්තර කවින්ද ජයවර්ධන

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

5 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

5 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago