දේශීය

බැසිල්ගේ අප්‍රේල් ඇමරිකා සංචාරය ගැන IMF හෙළි කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මෙරට ආර්ථික තත්වය පිළිබඳ ‘ආටිකල් ෆෝ’ විශ්ලේෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් යොමු කළ ලිපියකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා පවසන්නේ මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය කලක සිට ලක් රජය සමඟ පැවැත්වූ සාකච්ඡා සහ පැහැදිලි කිරීම් පදනම් කරගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සඳහා ලක් රජයේ අනුමැතිය ලබාදුන් බව ද එමඟින් පැවසෙනවා.

තවද මෙරට බලධාරීන් පෙන්වා දී ඇත්තේ ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් පිළිබඳව සක්‍රීයව සලකා බලමින් සිටින බවයි. මුදල් අමාත්‍යවරයාගේ අප්‍රේල් මාසයේ වොෂින්ටන් සංචාරයේදී ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මූල්‍ය අරමුදලේ උපරිම සහාය දිය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ලද පිළිතුරු ලිපියේ සඳහන්.

කෙසේ වෙතත්, අයි.එම්.එෆ්. වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව මගින් දැනටමත් ක්‍රියාවට නංවමින් සිටිනවා. නම්‍යශීලී විනිමය ප්‍රතිපත්තිය, විදේශ විනිමය වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමාවන් ඉවත් කිරීම සහ ආදායම් ඉහළ නැංවීමේ පියවර ක්‍රියාවට නැංවීම සහ ප්‍රධාන වෙළඳ භාණ්ඩවල මිල වෙළඳපොල පදනම් කරගෙන සැකසීම එවැනි පියවර කිහිපයක්.

එමෙන්ම පොදු ජනතාව ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාවට ප්‍රතිලාභ අත්කරදීම සහතික කරලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි මහ බැංකුව අවධාරණය කරන්නේ.

COURTESY : www.news19.lk

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago