දේශීය

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂ ගත කෙරේ

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කරන ලද දෙවන නැනෝ චන්ද්‍රිකාව (24) ප.ව. 5.20ට කක්ෂ ගත කෙරිණි. නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ
තවත් පියවරක් ඉදිරියට තබමින් ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය ජාත්‍යන්තර ආයතන 5ක් ඒ්කාබද්ධව චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත.

කිට්සුනේ (Kitsune) ලෙස නම් කළ එය 2022 පෙබරවාරි 18 දින සිග්නස් – 17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශය වෙත යවනු ලැබීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400 දුරින් පිහිටි කක්ෂය වෙත මුදා හැරීම ඊයේ (24) දින සිදු විය. මෙම ‌‌‌ඓතිහාසික අවස්ථාවෙහි නැරඹුම් සැසියක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආතර් සී. ක්ලාස් මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ආතර් සී. ක්ලාක් ආයතනය පළමු වරට නිර්මාණය කළ නැනෝ චන්ද්‍රිකාව වූයේ රාවණ 01 ය. එය 2019 ජුනි 17 දින ජත්‍යන්තර අභ්‍යවකාශයේ සිට කක්ෂ ගත කෙරිණි. රාවණ 01 චන්ද්‍රිකාව මෙන් 6 ගුණයකින් විශාල කිට්සුනේ, උසින් සෙන්ටිමීර් 30 ක්ද , පළලින් සෙන්ටිමීර් 20ක්ද , ඝනකමින් සෙන්ටිමීටර් 10ක් ද වේ. මෙම චන්ද්‍රිකාවේ විශේෂත්වය ජාත්‍යන්තර ආයතන 5ක් ඒකාබද්ධව නිර්මාණය වුවද ඉංජිනේරුමය තාක්ෂණික දායකත්වය දීම ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින් සිදු කිරීමයි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා සඳහන් කරන්නේ කිට්සුනේ නැනෝ චන්ද්‍රිකාව තාක්ෂණය අතින් උසස්, සංවේදී කැමරා පද්ධතියකින් සමන්විත වූවක් බවයි.

පෘථිවියේ සෙන්ටිමීටර් 5ක පමණ වපසරියක් තියුණු ලෙස නිරීක්ෂණය කිරීම, පෘථිවිය වටා ඇති අයන ගෝලයෙහි ඉලෙක්ට්‍රොනික ඝනත්වය නිරීක්ෂණය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ රැසකට එය දායක කර ගැනීමට පිළිවන. එමගින් ලබා ගන්නා දත්ත ඉදිරි චන්ද්‍රිකා නිර්මාණයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව කඩිනම් කිරීමට හේතු වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ මහතා පෙන්වා දෙයි.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago