දේශීය

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතයි
 මෙරට ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර ගිවිසුමටත් අනුමැතිය..
 සත්ව සුබ සාධන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට..

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (24) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත විය.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 හා 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙල කර තිබේ.

ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවාසදහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත. එයට අමතරව ඕනෑම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරිම සඳහා මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලසීමද සිදුවේ.

තවද ආදායම් මතවූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සදහා මෙරට ආණ්ඩුව සහ තුර්කි ජනරජයේ ආණ්ඩුව අතර 2022 ජනවාරි 28 දින ඇති කරගන්නා ලද ගිවිසුම දේශීය ආදායම් පනත යටතේ අනුමත කරගැනීමද අද සිදුවිය.

පාර්ලිමේන්තුව (24)පෙ.ව 10.00 ට රැස්වූ අතර පෙ.ව 10.00 සිට 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් විය. එසේම ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් කාබනික පොහොර සම්බන්ධව ගොවීන්ට දැනට පවතින ගැටලු පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් විමසන ලදී. ඉන් අනතුරුව ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී සත්ව සුබසාධනය සැලසීම සදහා සහ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සදහා වන සත්ව සුබ සාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ප.ව 4.30 දක්වා පැවති විවාදයෙන් අනතුරුව ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්ව තිබිණි. ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමල් චින්තක මායාදුන්න මහතා මෙරට ටින්මා ළු නිෂ්පාදනය, ආනයන සහ අපනයනය පිළිබදව ධීවර අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය. එසේම රාජගිරිය පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගමය පිහිටි කාර්යාලයට 2021.09.08 දින හිටපු අමාත්‍යවරුන් තිදෙනෙක්, ඔවුන්ගේ ආරක්ෂකයන් සමග පැමිණ සිදු කළ පහරදීමට අදාළ සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසන ලදී.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් ඇතුළු සමස්ත ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමට තිබූ අයිතිය නැවත ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්විය. අනතුරුව පාර්ලිමේන්තුව (25) පෙ.ව 10.00 දක්වා කල් තැබීම සිදුවිය.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

22 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

23 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago