දේශීය

1919 පැය 24 පුරා ක්‍රියාත්මක පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත්කෙරේ

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) පැය 24 පුරා ක්‍රියාත්මක පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත්කෙරේ

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මහජනතාවට රාජ්‍ය ආයතන තොරතුරු ලබාදීමේ පැය 24 පුරා ක්‍රියාත්මක පුළුල් ඩිජිටල් සේවාවක් බවට පත්කෙරේ.

ඒ අනුව මෙතක් පැවති 1919 කෙටි දුරකථන අංකය හරහා රාජ්‍ය තොරතුරු ලබාදීමට අමතරව ක්ෂණික පණිවිඩසේවා ( Instant Messenger,) , වෙබ්-විජට් පහසුකම් , (Web-Widgets) ෆේස්බුක් සහ විද්‍යුත් තැපෑල වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා අඛණ්ඩව සේවා සැපයීම සිදුකෙරේ .

විදේශයන්හි සිට තොරතුරු විමසීම දුරකථන අංක 0114191919.මගින්ද සම්බන්ධ විය හැකිය . සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් විමසුම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රවීණ නියෝජිත කණ්ඩායමක් යොදවාතිබේ .මෙම රජයේ තොරතුරු මධ්‍යස්ථානය (GIC1919) ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම සදහා ඩයලොග් ( Dialog Networks (Pvt) Ltd ) ආයතනය සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුකෙරිණ .තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනේයේ සභාපති ඕෂද සේනානායක (
ICTA ) සහ ඩයලොග් ආයතනයේ (Dialog Axiata PLC) සමුහ ප්‍රධාන විධායක නිලධාරි සුපුන් වීරසිංහ මෙම අවබෝදතා ගිවිසුමට අත්සන් තැබුහ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් 2006 අගෝස්තු මාසයේදී මෙම රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC1919) ආරම්භ කරනලදී . රාජ්‍ය තොරතුරු හා ඔවුන්ගේ මහජන සේවාවන් පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාවට පහසුවෙන් ලබාදීම මෙම සේවාවේ අරමුනවිය. ඒ අනුව වාර්ෂිකව මිලියන 1.8 පමණ ජනතාවක් මෙම සේවාවෙන් රජයේ තොරතුරු ලබා ඇතිබව වාර්තාවේ. ලැයිස්තුගත රාජ්‍ය ආයතන 300කට අධික සංඛ්‍යාවක තොරතුරු මෙමගින් ලබාගැනීමේ ගැනීමේ හැකියාව තිබේ . තොරතුරු බෙදා හැරීම වැඩිදියුණු කිරීම මගින් , රාජ්‍ය සේවා ලබා
ගන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු , උපකාරක කවුළු මෙන්ම ඒ සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි සම්බන්ධතා මෙන්ම තොරතුරු ලබාදීම පුහුණු නියෝජිතයන්, මගින් ද සිදුකෙරේ. වැඩිදියුණු කරන ලද රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මඟින් දුරකථන, ජංගම දුරකථන, සමාජ මාධ්‍ය සහ වෙබ් යෙදුම් ඇතුළු හා ඩිජිටල් ආධාරක නාලිකා හරහා පුරවැසියන්ට පහසුවෙන් බාධාවකින් තොරව සේවාවන් ලබා දෙනු ඇත.පහත ඩිජිටල් වේදිකා මගින් තොරතුරු වෙත පිවිසිය හැකියි .

අන්තර්ජාතික ඇමතුම්: +94 114 191919
වෙබ් චැට් : www.gic.gov.lk

දුරකථන ඇමතුම් :1919
ඉ මේල් : info@gic.gov.lk
සමාජ මාධ්‍ය :
Facebook – https://www.facebook.com/GovInfo1919
Twitter – https://twitter.com/gic1919
LinedIn – https://www.linkedin.com/in/gic1919/
YouTube – https://www.youtube.com/user/gic1919

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

23 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago