දේශීය

ඉකුත් දෙමසේදී සංචාරකයෝ 178,834ක් ශ්‍රී ලංකාවට

මේ වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර ඒ අනුව විදේශ විනිමය උපයා ගැනීම වෙනුවෙන් මේ වසරේ මුල් මාස දෙකේ දායකත්වය අමෙරිකානු ඩොලර් මිලියන 582.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 314.5ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන අතර එම මාසයේදී විදෙස් සංචාරකයන් 96,507 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වසරේ පෙබරවාරි මාසයේ සංචාරක කර්මාන්තයේ ඉපයීම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 17.2ක වර්ධනයක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේදී සංචාරක ඉපයීම අමෙරිකානු ඩොලර් මිලියන 268.3ක් බව ද ජනවාරි මාසයේදී එක් සංචාරකයකුගේ වියදම අමෙරිකානු ඩොලර් 3,258.9ක් බව ද පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට පෙබරවාරි මාසයේ 28 දා තෙක් විදෙස් සංචාරකයන් 178,834 දෙනකු සංචාරය සඳහා ලංකාවට පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩගැනීම සංචාරක කර්මාන්තය මත රඳාපවතින බවත්ය.

කෙසේ වුවද සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කරමින් ආදායම් ඉපයීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම වෙනුවෙන් රජය පියවර ගනිමින් සිටින අතර එය යම් යම් අභියෝගවලට මුහුණ දෙන බව ද මේ කර්මාන්තය වෙනුවෙන් රුසියා – යුක්රේන යුද ගැටුම් බලපා තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දිනමිණ වාර්තාවකි

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago