දේශීය

ඉකුත් දෙමසේදී සංචාරකයෝ 178,834ක් ශ්‍රී ලංකාවට

මේ වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට වර්ධනය වෙමින් පවතින අතර ඒ අනුව විදේශ විනිමය උපයා ගැනීම වෙනුවෙන් මේ වසරේ මුල් මාස දෙකේ දායකත්වය අමෙරිකානු ඩොලර් මිලියන 582.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 314.5ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙන අතර එම මාසයේදී විදෙස් සංචාරකයන් 96,507 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වසරේ පෙබරවාරි මාසයේ සංචාරක කර්මාන්තයේ ඉපයීම පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 17.2ක වර්ධනයක් බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මාසයේදී සංචාරක ඉපයීම අමෙරිකානු ඩොලර් මිලියන 268.3ක් බව ද ජනවාරි මාසයේදී එක් සංචාරකයකුගේ වියදම අමෙරිකානු ඩොලර් 3,258.9ක් බව ද පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට පෙබරවාරි මාසයේ 28 දා තෙක් විදෙස් සංචාරකයන් 178,834 දෙනකු සංචාරය සඳහා ලංකාවට පැමිණ තිබෙන බවත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩගැනීම සංචාරක කර්මාන්තය මත රඳාපවතින බවත්ය.

කෙසේ වුවද සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කරමින් ආදායම් ඉපයීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම වෙනුවෙන් රජය පියවර ගනිමින් සිටින අතර එය යම් යම් අභියෝගවලට මුහුණ දෙන බව ද මේ කර්මාන්තය වෙනුවෙන් රුසියා – යුක්රේන යුද ගැටුම් බලපා තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දිනමිණ වාර්තාවකි

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

15 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

15 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago