විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කළ නියෝජිත ආයතන සහ පුද්ගලයන් වහාම අසාදු ලේඛනගත කර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි නිලධාරීන්ට ඊයේ (11) උපදෙස් දුන්නේය.
බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (11) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙසේ උපදෙස් දෙනු ලැබීය.
එම පනත උල්ලංඝනය කළ ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නඩු 2,832ක් පවරා ඇති බව එහිදී නිලධාරීහු ජනාධිපතිවරයා හමුවේ අනාවරණය කළහ.
විදේශ රැකියා බලපත්‍රලාභීන්ට ඇති වගකීම නිසි ලෙස ඉටු වන්නේ දැයි ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.
විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා, විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිතභාවයට හේතු වන බව ද කීවේය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…