විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කළ නියෝජිත ආයතන සහ පුද්ගලයන් වහාම අසාදු ලේඛනගත කර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි නිලධාරීන්ට ඊයේ (11) උපදෙස් දුන්නේය.
බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (11) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙසේ උපදෙස් දෙනු ලැබීය.
එම පනත උල්ලංඝනය කළ ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නඩු 2,832ක් පවරා ඇති බව එහිදී නිලධාරීහු ජනාධිපතිවරයා හමුවේ අනාවරණය කළහ.
විදේශ රැකියා බලපත්‍රලාභීන්ට ඇති වගකීම නිසි ලෙස ඉටු වන්නේ දැයි ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.
විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිවරයා, විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිතභාවයට හේතු වන බව ද කීවේය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…