ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ කමල් ලියනාරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම වෙනුවෙන් වැඩි කලක් සිය සේවය ලබා දුන් ඒ මහතා, ජනසන්නිවේදනය පිළිබඳව පුහුණුකරුවෙකු ලෙසත්, උපදේශකවරයෙකු ලෙසත්, කැප වී ක්‍රියා කළා. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍යවේදීන් අතර ප්‍රසන්න සබඳතාවක් ගොඩ නගාගෙන තිබීම ඔහු සිය ජීවන ගමන නතර කළ මොහොතේ වඩාත් ඉස්මතු වන කාරණයක්.
මේ කමල් ලියනාරච්චි මහතා පිළිබඳව මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද තබා තිබු සටහනක්.
මගේ මතකය….
කමල් අයියාව මට මුලින්ම හමුවුනේ 2000 වසරේදී “දිනපතා ලක්බිම”පුවත්පතේ ආරම්භක සාමාජිකකු ලෙසයි.එකල ඔහුගේ ගජ මිතුරන් ලෙස එකට හිටියේ ලක්බිම පුවත්පතේ හිටපු ප්‍රවීණ ඡායාරුප මාධ්‍යවේදී බුද්ධික වීරසිංහ මෙන්ම හිටපු පුවත්පත් කතෘ සම්පත් දේශප්‍රියයි.ඉතා සුහදශීලි සුන්දර මිනිසෙකු වූ කමල් අයියා සමග ඇති කරගත් ඒ මිතුදම අප අතරින් වියෝවීම දක්වාම වසර 22ක් එලෙසම පැවතුනි.මා හා මුලින්ම එල්.ටී.ටී.ඊ.(L.T.T.E.) සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් චෙල්වම්ව හමුවී සම්මුඛ සාකච්ඡාවේ ඡායාරූප පවා ගැනීමට අවස්ථාව සලසා දුන්නේ කමල් අයියා විසිනි.එදා සිටම කිසිම දවසක කිසිදු අමනාපයක් නොමැතිව දීර්ඝ කාලයක් මිතුරෙකුට වඩා සහෝදර බැදීමකින් යුතුව කටයුතු කළ අතලොස්සක් තරම් වූ තවත් සුන්දර මිත්‍රයෙකුගේ සමුගනිමකි මේ.කමල් අයියව මට අවසාන වතාවට හමුවුනේ පසුගිය නොවැම්බර් 23 වැනිදාය.එදායින් පසු ඔහු මට යලිත් හමු නොවුනත් අවස්ථා 2කදී දුරකථනයෙන් කතා කළේය.පුවත්පත් කලාව තුළ සුන්දර මතකයන් රැසක් ලිවීමට ඇතත් මේ වෙලාව ඊට අවස්ථාව නොවේ.ඉතින් කමල් අයියේ ඔබට නිවන් සුව ලැබේවා!
සූබ ගමන් කමල් අයියේ…
.(ඉන්දික ශ්‍රී අරවින්ද).
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…