කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.
ඒ අනුව නියෝජිතයින් 60% ක් කේවල ක්‍රමය යටතේ ද 40%ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ පැමිණ සිටි පාර්ශ්ව අතර සාකච්ඡා විය.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ සභා නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
ඒසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳව ද මෙහිදී සාක්ච්ඡා විය.
මීට අමතරව මැතිවරණයේදී ජය ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසනක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වල දැනට සිටින නියෝජිතයින් ප්‍රමාණය අඩු කළ යුතු බවද මෙහිදී අවධානය යොමු විය. තවද මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඉදිරිපත්කරනු ලැබූ යෝජනා සභාගත කිරීම සහ එම්. ටී. වී. (පෞද්ගලික) නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සභාගත කිරීමද මෙහිදී සිදු විය.
මෙම විශේෂ කාරක සභාව සඳහා ගරු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, ගරු රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, රවුෆ් හකීම්, ඒම්.ඒ්. සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරු සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…