දේශීය

පළාත් පාලන මැතිවරණය කේවල සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට අවධානය

කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රමයන් මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු විය.

ඒ අනුව නියෝජිතයින් 60% ක් කේවල ක්‍රමය යටතේ ද 40%ක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ පැමිණ සිටි පාර්ශ්ව අතර සාකච්ඡා විය.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ සභා නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

ඒසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳව ද මෙහිදී සාක්ච්ඡා විය.

මීට අමතරව මැතිවරණයේදී ජය ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසනක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වල දැනට සිටින නියෝජිතයින් ප්‍රමාණය අඩු කළ යුතු බවද මෙහිදී අවධානය යොමු විය. තවද මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවය විසින් ඉදිරිපත්කරනු ලැබූ යෝජනා සභාගත කිරීම සහ එම්. ටී. වී. (පෞද්ගලික) නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා සභාගත කිරීමද මෙහිදී සිදු විය.

මෙම විශේෂ කාරක සභාව සඳහා ගරු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, ගරු රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, රවුෆ් හකීම්, ඒම්.ඒ්. සුමන්තිරන්, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරු සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

22 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago